Colombo, Featured Articles, Features

ලිංගික දර්ශණ අඩංගු වේබ් අඩවි වල පෙනී සිටි ලාංකිකයින්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරිම හෙවත් ඉන් මතුවන සමාජ ව්‍යසනය


අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ලිංගික දර්ශණ අඩංගු වේබ් අඩවි වල පෙනී සිටි ලාංකික පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප අද(8) මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ය. මෙය සිදුකරන්නේ පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය විසින් බව වාර්තා වෙයි.

මෙසේ එම වෙබ් අඩවිවල පෙනී සිටි පිරිමි සහ කාන්තාවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ එම පිරිස් අත් අඩංගුවට ගැනීමට කියා ය.

ප්‍රශ්නය

මෙම වෙබ් අඩවි වල පෙනී සිටින්නේ සත්‍ය වශයෙන්ම එම කාන්තාවම හෝ පිරිමියා දැයි කාන්තා හා ලමා කාර්‍යංශය විදිමත් පරීක්ෂණයකින් තොරව කියන්නේ කෙසේ ද? යම් විටක අයෙකුගේ මුහුණක් වෙනත් අයෙකුගේ නිරුවත් ශරීරයකට සම්බන්ධකරමින් මේ කියන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සංස්කර්ණය කළ ඒවා විය නොහැකි ද? එසේ වුවහොත් එයට කිසිදු අයුරකින් සම්බ්න්ධ නැති අයෙකුට සමාජයෙන් එල්ලවන පරිභව කිරීමේ වගකිීම පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය විසින් බාර ගන්නේ ද?

එහෙයින් යම් පුද්ගලයෙකු පිළිගත් අධිකරණයකින් වරද කරුවෙකු වීමට පෙර සමාජය ඉදිරයේ ඔහු හෝ ඇය වරදකරවෙකු ‛කිරීම’ යුක්තිසහගත කරන්නේ කෙසේද?
එසේ වුවහොත් කිසිදු නීති විරෝධි ක්‍රියාවකට සම්න්ධ නැති කාන්තාවකට හෝ පිරිමියෙකුට ලංකාවේ ඊනියා පත්තර බලන අසංස්කෘතික පාඨකයින් ගල් ගැසීම ඔබ යුක්ති සහගත කරන්නේ ද?

පොලීසිය

අනෙක ‛කොටි’ යැයි සුවඳින් මෙන් අල්ලාගෙන තවමත් කූඩු ගත කර සිටින දමිළ තරුණ තරුණයින් ඇල්ලූ ලංකාවේ විශිෂ්ඨ ආරක්ෂක අංශයට මෙම අන්තර්ජාල වෙබ් අඩවිවල පෙනී සිටින අයව අල්ලා ගන්නට ඒවායේ ඡායාරූප මාධ්‍යයේ පලකරන්නටම අවශ්‍ය ද?

විශේෂයෙන් ලියුම්කරු ඉහත කී කරුණු මත ඔවුන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරමින් ලෝකයේ ප්‍රභලම ත්‍රස්තවාදීන් වළදෑමූ මේ ආරක්ෂක අංශයට මොවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිද?

ජනමාධ්‍ය

දැන් ලංකාවේ ඊනියා පත්තරවලට අදසිට උණු කැව්ම් මෙන් විකිණිය හැකි රසවත් ප්‍රවෘත්තියක් පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය විසින් ලබා දෙනු ඇත. ඔවුන් කිසිදු මාධ්‍ය අචාරධර්මයක් ගැන නොසිතා තමන්ගේ මුල් පිටුවේම මොවුන්ගේ ඡායාරූප අලවා තම පත්තර ටික විකුණා ගනු ඇත. කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානිවන කිසිදු කතාවක්, පිංතූරයක් පිලිගත් ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව පළකිරම අචාරධාර්මිකව පටහැනිය. නමුත් මෙ ඡායාරූප ඔවුන් එම අචාරධර්ම කිසිවක් තුට්ටුවකට නොසලකා පළකරන්නට යන්නේ, අචාරධර්මවලට වඩා මුදල් වැදගත් කොට සලකා බව මේ මුදලාලිලා දන්නා බැවිනි.(එසේ නොවන මුදලාලි මහත්වරුද සිටිය හැක)
අද සිට රූපවාහිණි තිරයේ ද එම පිංතුර දමමින් තවත් මෙගා ස්ටාර් එකක් අද සිට ඊනියා රූපවාහිනී ප්‍රේක්ෂකයාට විකුණනු ඇත. සමහර විට මර්වින් සිල්වා පැමිණ ලිංගික බණකුත් දෙසනවා ඇත.

මර්වින්, පබාගෙන් කුක්කු ඉල්ලීම සහ අසභ්‍ය වෙබ් අඩවි.

දැන් මෙම වෙබ් අඩවි හඳුන්වා ඇත්තේ අසභ්‍ය වෙබ් අඩවි කියා ය. අසභ්‍ය යන්නෙන් මොවුන් අදහස් කරන්නේ සභ්‍ය නොවන බව ය. මොවුන් පවසන පරිදි මෙම වෙබ් අඩවි වල ඇත්තේ අසභ්‍ය රූප ය. කතා ය. හැඟීම් ය. ඒවා පොලීසියේ පරීක්ෂන පැවැත්වූ ඒ නිළදාරින්ගේත් ඇතුඑ සියලු අයගේ ලිංගික හැඟිම් උද්දීපනය කරන ඒවාය.

එබැවින් ඒවා අසභ්‍ය ය. (හැබැයි ඔය කියන සියලු දෙනා මේවාම හොරෙන් බලන විට ඒවා අසභ්‍ය නැති ගානය.) දැන් වඩාත්ම සභ්‍ය ලෙස ලංකාවේ ලොකුම රියැලිටි වැඩසටහන යැයි පවසමින්, විශාල ලෙස මුදල් වියදම් කරමින් ස්වරණවාහිනිය පසුගිය දා මෙගා සිටාර් අවසන් වැඩසටහන පැවැත් වීය. එම අවසන් තරඟයේදී විනිසුරුවකු වන අමාත්‍ය මර්වින් සිල්වා මෙසේ ප්‍රකශෙ කළේය. ‛‛ඒ අයගෙන් කුක්කු ටිකක් බොන්න උනානම් කොච්චර හොඳද කියලා හිතන්නකෝ්..’’ කියා ය. ඒ තරගකාරියක වන, නිළියෙකු ද පාර්ලිමේන්තු මංත්‍රීවරියකද වන උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා දෙස බලා ඇයව විනිශ්චය කරමින්ය.

දැන් ඒ ප්‍රසිද්ධ වේදිකාවේ ‛‛ඒ අයගෙන් කුක්කු ටිකක් බොන්න උනානම් කොච්චර හොඳද කියලා හිතන්නකෝ්..’’ කියන දේ ඔය පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශයේ අසභ්‍ය කියන රාමුට යටත් වන්නේ නැද්ද.

එැබැවින් ඉහත සදහන් කළ වෙබ් අඩවිවල පෙනී සිටින්නේ ඒ අයවමද යන්න පිළිබඳවවත් කිසිදු විදිමත් පරීක්ෂනයකින් තොරව එම මුහුණු ඇති අයව අත්අඩංගවට ගන්නට සැරසෙන පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය මෙම දහසකුත් ප්‍රේක්ෂකයින් ඉදිරියේ මෙම කතා කිවූ අමාත්‍ය මර්වින් සිල්වා ට විරුද්ධව කිසිදු පියවරක් නොගන්නේ මන් ද? (එම අදහස පැවසූ කෙනා සොයා ගැනීමට අපහසු නම් අද මාධ්‍යට නිකුත් කරන එම වෙබ් අඩවිවල ඡායාරූප ගොන්නට ඒ කතාව කියූ කෙනාගේ ඡායාරූපයත් එකතු කරන්න.)

එය ස්වර්ණවාහිනියෙන් සජීවිව ප්‍රචාරය වූ පසු පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශයත්, ඊනියා සදාචාරවාදීනුත් ඇස් කන් ඇරගන රස බලමින් සිටියා විනා එයට විරුද්ධව කිසිදු පියවරක් ගත්තේ නැත්තේ ඇයි.? එය ලියුම් කරුට සිතිය හැක්කේ ඇමතිවරයෙකු, මංත්‍රීවරියකගෙන් කුක්කු බීම මේ ඊනියා සදාචාරවාදීන්ටත්, පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශයටත් අසභ්‍ය නැති වගය.

ප්‍රශ්ණය වන්නේ එතැනය. මර්වින්ට, පබාගෙන් ප්‍රසිද්ධ වේදිකාවේ ‛කුක්කු’ ඉල්ලීම අසභ්‍ය නැතිනම් කුමන හෝ මාධ්‍යක කුක්කු(පියයුරු) ප්‍රදර්ශණය කිරිම අසභ්‍ය වන්නේ කෙසේ යැයි යමෙකු ඇසුවහොත් මේ කුහක සදාචාරවාදින්ගේ පිළිතුර කුමක්ද?

නමුත් මෙවැනි තත්වයක් තුළ ඉහත කී වෙබ් අඩවිවල පෙනී සිටි කාන්තාවන් හා පිරිමින්ගේ ලිංගික දර්ශණවල පෙනීසිටි අයව නිශ්චිතවම ඒ අයවම දැයි හඳුනාගෙන නැතත් අත්අඩංගුවට ගත යුතුය. පරීක්ෂයකින් තොරව වැරදි කරුවන් කල යුතු ය. වැරදි කරුවන් වීමට ප්‍රථම මිනිසුන් විසින් ඔවුන්ට ගල් ගසා මරා දැමිය යුතු ය. යන්න ඔවුන්ගේ ඒකමතික තීරණය යි. නමුත් මේ අත්අඩංගුවට ගැනීමට සොයන අසභ්‍ය දර්ශණවල පෙනී සිටි ලාංකීය පිරිම සහ ගැහැනුන්ගේ අසභ්‍ය සහ සභ්‍ය තත්වයන් මැන බලනා සීමාව කුමක්ද? ඒවා පිළිබදව නීතිමය පැහැදිලි කිරීම කුමක්ද? මේවාත් සහ එහි සිටින්නේ එම පිරිමියා හෝ ගැහැනියම දැයි නිශ්චිතව නොදැන කරනු මේ ක්‍රියාවෙන් බොහෝ සාධාරණ මිනිසුන්ට සහ ගැහැණුන්ට සමාජයෙන් වන පරිභව කිරීමට වගකියන්නේ කවුරුන් ද?

ගල් ගසන්න, අත්අඩංගුවට ගන්න.

මෙවැනි ලිංගික දර්ශණ අඩංගු වෙබ් අඩවියක්, පත්තරයක්, රූපයක් කිසිදා නොබැලු(සිහිෙනන් ෙහා ෙනාදැකපු) ඉන් කිසි දිනක අාශ්වාදයක් ෙනාලැබූ, අයෙක් වී නම් අද සිට පත්තරවල පළවන එම ඡායාරූපවල පෙනී සිටින අයව සොයා ගෙස් නීතියට අතට ගෙන(?) දඬුවම් කරන්න.

‛මෙගාස්ටාර්’ අවසන් තරඟය නොබැලූ හෝ එසේ මර්වින් කල කතාව නොඇසූ, නොබැලු කෙනෙක් සිටීනම් අද සිට පත්තරවල පළවන එම ඡායාරූපවල පෙනී සිටින අයව සොයා ගෙස් නීතියට අතට ගෙන(?) දඬුවම් කරන්න.

සීගිරිය ගලේ නගින විට ‛සීිගිරි අප්සරාවන්’ දෙස නොඹලා ඹබරු දෙස බලමින් සීගිරිය නැගපු අය වී නම් (විමල්ට අදාල නැත.) අද සිට පත්තරවල පළවන එම ඡායාරූපවල පෙනී සිටින අයව සොයා ගෙස් නීතියට අතට ගෙන(?) දඬුවම් කරන්න.

එසේ නැතිනම් මෙසේ ‛කිසිදු සාධාරණ වග විභාගයකින් තොරව’ සිදු කරන මෙම නින්දිත ක්‍රියාවට විරුද්ධ වන්න.

එසේ නොවුවහොත් නීතිය මිනිසුන්ගේ අතට පත්කරමින් දඩුවම් දීමේ ක්‍රියාවලිය අනියමින් සමාජය අතට පත් කිරිමෙන් ඉදිරියේදී මෙම සමස්ථ සමාජයටම විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම ව්‍යසනයෙන් මිදීමට නම් මෙම කුහක ඊනියා සාදාචාරවාදීන්ගේ මෙවැනි අනීතික, අශීෂ්ඨ ක්‍රියාවලින්ට විරුද්ධ විය යුතුමය.

එසේ නොවුන හොත් කිසිදු දවසක කාන්තාවක් ගැන කිසිදාක නොසිතූ හෝ මෙවැනි දෙයක් කිසිදු දවසක නොබැලූ (අයෙක් සිටීනම් පමණි) සාධාරණ, සභ්‍ය අයෙකුගේ මුහුණ මෙම අසභ්‍ය යැයි පවසන ඡායාරූපයකට සම්බ්න්ධ කර ඇත්නම්(සංස්කරණය කර ඇත්නනම්) ඒ නීතිය අතට ගත් මිනිසුන් අද සිට ඔබව සොයා පැමිණ ගල් ගැසීමට, මරා දැමීමට නියමිතය. පරෙස්සම් වන්න.

සංවාදයට විවෘතයි

සම්පත් සමරකෝන්
Picture by – http://www.bbc.co.uk