සිංහල, Badulla, Corruption, Governance

බදුල්ල කුණු ප්‍රශ්නයට සරල විසඳුමක්

බදුල්ලේ සිට නෙත්
b-nayana-kunu-2-rz.jpg

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’

මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.

සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.

ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 20 කි. එම ප්‍රමාණෙන් අඩක්ම පොලිතීන් හා දහනය කළ හැකි ද්‍රව්‍ය බවත් එම තාප ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් උණුසුම් ජලය සහිත නාන තටාකාංගනයක් හා වාෂ්ප එන්ජිමක් පණ ගන්වා ජාතික විදුලි පද්ධතියට විදුලිය කිලෝ වොට් 06 ද නිපදවිය හැකිවේ. මෙයට අමතරව ඉතිරි කුණු කසල ප්‍රමාණය මගින් කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කල හැකි බවත්, ඉන් රැකියා අවස්ථාවන් මෙන්ම අමතර ආදායමක් ද උපයාගෙන කැලිකසල ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ද ලබාදිය හැකිබව සරත්චන්ද්‍ර මහතාගේ අදහසයි.

මේ ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කළ ප්‍රදේශයේ වානිජ බැංකු එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 2 මුදල සරත්චන්ද්‍ර මහතාටට ලබාදීමට එකඟවී ඇත. එහෙත් නගර සභා බලධාරීන්ගේ අනුමැතිය එයට ලැබී නැත. බදූල්ල නගර සභාව කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සකස් කළ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කර ඇති මුදල මිලියන 51කි. මේ සඳහා නගර සභාවේ වියදමින් නිළධාරීන්ද කිහිප දෙනෙකු පසුගිය කාලයේ පිටරටවලට පවා යවා ඇති බව කියවේ.නමුත් නගර සභාවේ මූල්‍ය තත්ත්වය ඉතාම නරක අතට හැරීම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන බවක්ද නොපෙනේ. මේ හේතුවෙන් නගර සභාවද කුනුවෙන තරමටම එහි කසල ප්‍රශ්ණය දුරදිග ගොස් ඇත.

මෙ අතර ඌව පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් චන්ද්‍රසිරි මහතා පවසන්නේ කුණු ප්‍රශ්ණය හේතුවෙන් බදුල්ලේ ශ්වසන රෝගීන්ගේද වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

අප රටේ ජාතික ධනය විදෙස් රටවල් වලට පූජාකර කසල බැහැර කිරීමේ ව්‍යාපෘති ගෙන එනවාට වඩා අඩු වියදමකින් ගැටළුවට විසඳුමක් මෙන්ම ආදායම් මාර්ගයක්ද පාදා දෙන සරත්චන්ද්‍ර මහතාගේ විසඳුමට නගර සභා බලධාරීන් එකඟ නොවීම බරපතල ප්‍රශ්න ගනනාවක් මතුකරන බව ජනතාව පවසනව.