සම්පත් සමරකෝන්
1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්, පරිසර දිනයක් මෙන් සමහර කණ්ඩායම්, පුද්ගලයින් සැලකූ බවක් පෙනෙන්නට විය.
කෙසේ වෙතත් කලු ජූලියට වසර 25 පිරෙන මේ වේදනාත්මක මොහොතේදීවත් එය දේශපාලනිකව හැරවුම්ලක්ෂයක් බවට පත් කර ගන්නට කතිකාවක් සිදුනොකෙරුනු තරමි ය. එසේ සිදුවූවා නම් එයත් එතරම් සක්‍රිය ලෙස සිදු වූ බවක් පෙනෙන්නට නොවී ය.
වර්තමාන (අ)දේශපාලනික පරිසරය තුළ පීඩනයට පත්කළ, පීඩනයට පත්වන දමිළ මිනිසා පිළිබඳව කතා කරන්නට තියා සීතිමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇත.
නමුත් සක්‍රිය පුරවැසි සමාජයක් හෝ එවැනි කණ්ඩායම් සිටීනම් එය උපායමාර්ගිකව සිදු කිරීමට හැකියාව තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය තුලින් ඒ සංවාදය යම් පමණකට ගෙනයෑම, මරාදැමීම්වලට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධ සෑම පුරවැසියකුටම ධෛර්‍යයකි. ශක්තියකි.
නමුත් ගැටලුව පවතින්නේ මේ සෑම ස්ථරයකින්ම මෙය සක්‍රියව ඉදිරියට ගෙනයාමට කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවීම ය.
වෙනසක් සදහා යැයි සිතා ඒ ඒ කාලවලට සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් හරියට ‛‛සීසන්’’ එකට සිරිපාදේ යන්නාවැනි ය.
ඒ නිසා නැවතත් 1983 ජූලියේ වේදනාවන් සිහිපත් වන්නේ 2009 ජූලි මසට ය. දැන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන ජවිපෙ එදාට ආණ්ඩුව සමග නැවතත් සම්බන්ධ වුවහොත්, ජවිපෙ පෙරමුණු සංවිධානයක් වන සමාජවාදී තරුණ සංගමය විසින් කලු ජූලිය සමරමින් අලවා තිබූ ‛‛කලු ජූලියට වසර විසිපහයි, නැවත කලු ජූලිය එපා, ශ්‍රි ලංකාව අපි හැමෝගෙමයි.’’ යනුවෙන් පෝස්ටරයක්වත් අලවනු නැතිබව නම් නිසැක ය.
නමුත් මේ කලු ජුලියට වසර 25 සමරන මොහොතේත් උතුරේ ජනයාගේ හිස මත බොම්බ හෙලිම සිදුවිය. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් අතුරුදහන් කරමින් ඇත. දස වද දී මහ මග දමා යමින් ඇත. ඒසේම ජාතික ආරක්ෂාව යැයි පවසා සෑම දමිළ මිනිසෙක් ගැහැණියක්ම කොටියෙකු යැයි සිතන්නට යුද්ධයට කඩේ යන මාධ්‍ය විසින් ජනයාගේ මනස සකස්කරමින් ඇත. බොහෝ පිරිස් මේවාට විරුද්ධවන්නේ නැත. ‛‛ඒ යුද්ධයක් පවතිනකොට මේවා වෙනවා. ජාතික ප්‍රශ්ණය යුද්ධයෙන් විසඳිය හැකි ය’’ යන මතය දකුණේ (අ)දේශපාලනය විසින් සමාජ ගතකරමින් ඇති නිසා ය. නමුත් දමිළ මිනිසාගේ වේදනාව දේශපාලනිකව කෙසේ වෙතත් මනුස්සකමින් තේරුම් ගැනීමට ඇති අවම ඉඩ පවා රාජ්‍ය ආරක්ෂාව නාමයෙන් අහුරා දමා ඇත.
එබැවින් කලු ජූලිය වැනි අමානුෂික ව්‍යසනයන් ඇතිවිම වැලැක්විය හැක්කේ මෙවැනි ‛‛සීසන්’’ එකට සිදුකරන සැමරුම් වලින් නොවේ. එය එසේ වන්නේ ප්‍රශ්ණය මේ වන විට වෙනත් ස්වරූපයකින් සෑම ජීවිතයක් සමඟම වෙලී පැවතීමයි.
දමිළ විරෝධය අනියමින් සිංහල සිත්වල රෝපණය කිරිමට උත්සහ කරන මේ මොහොතේ ‛‛සීසන්’’ එකට සිදුකරන එවන් සංදර්ශණ මඟින් නැතිනම් විලාසිතාවට සිදුකරන ක්‍රියාකාරීත්වයන් වලටවත් ආදරණිය සාමාජයක් සදහා දිරිය දිය නොහැක. වාර්ගික ප්‍රශ්නය විසඳීමට යුද්ධය පමණක් යන මතවාදයේ පිහිටා සිටිමින් කලු ජූලියක් එපා යැයි කියා අලවන පෝස්ටර්වලටවත් නැවත කලු ජූලියක් හෝ එවැනි අමාණුෂික ව්‍යසනයක් දකුණේ හෝ උතුරේ සමාජයේ නැවත මතු වීම වැලැක්විය නොහැකි බව වත්මන් සමාජය විසින් තේරුම් ගන්නේ කවදා ද…?
ටෙරී ජෝර්ජ් අධ්‍යක්ෂනය කළ හොටෙල් රුවන්ඩා චිත්‍රපටය ආරම්භයේදී මෙසේ සදහන් කරයි.
‛‛ඇයි මම ටුට්සීන්ට වෛරකරන්නේ කියා
මිනිසුන් මගෙන් අසනවිට
මම කියන්නේ,
අපේ ඉතිහාසය කියවන්න කියා යි..
ටුට්සීන් බෙල්ජියම් යටත්විජිතවාදීන්ට උදව් කළා.
ඔවුන් අපේ හුටූ භූමිය පැහැරගෙන
අපට කසපහර දුන්නා.
දැන් ටුට්සි කැරළි කරුවන් ලෙස ඔවුන් ආපසු ඇවිදින්
ඔවුන් කැරපොත්තෝ, මිනීමරුවෝ…
රුවන්ඩා අපේ හුටූ භූමිය යි.
අපි තමයි බහුතරය.
ඔවුහූ ද්‍රෝහින් සහ ආක්‍රමණිකයෝ සුළු පිරිසක්
අපි මේ වසංගතය දුරුකරමු.
RPF කැරලිකරුවන් අතුගා දමමු.
මේ RTMC හුටූ පවර් ගුවන් විදුලිය යි….
අවදියෙන් සිටින්න….
ඔබ අසල්වැසියන් දෙස පරීක්ෂාවෙන් ඉන්න….’’