Colombo, Featured Articles, Features

‛සෝමාවතී’ නඩු වාර 68 කට පසු.

සෝමාවතී අවුරුදු 45ක තිදරු මවකි. දරුවන්ගේ බර ඇය මත තබා ඇයගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ විය. සැමියාගේ රක්ෂාව වූයේ කුඩු වෙළඳාමයි. සැමියා හැර ගිය පසු ඇගේ ආදායම වූයේ අරක්කු වෙළඳාමයි. දිනක් ඇයව පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනි. ඇය සතුව කුඩා කුඩු පැකට් 5ක් තිබිණ. නමුත් පොලීසිය ඇය ලවා ලියුම් කවර දෙකක ඇඟිලි සලකුණු ලබා ගත්තේය. රස පරීක්ෂණයට අනුව ඇය සතු වූයේ කුඩු මිලි ග්‍රූම් 253කි. පොලීසියට අනුව ඇය සතුව කුඩු මිලි ග්‍රූම් 1200කි. ඇය අවුරුදු 08 ක් පුරා නීතිපතිගෙන් උපදෙසක් එනතුරු බලා සිටියි. නඩුවාර 68 කට පසු මේ ඇය කියන කතාවයි.

සැක අංක 333 වැලිකඩ බන්ධනාගාරයේ

බෞද්ධාගම්කාරියක වශයෙන් අවංක ලෙසද, සත්‍ය ලෙසද, ගරුගාම්භීරතාපූර්වකවද පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප්‍රතිඥාදී ප්‍රකාශ කර සිටිමි.

01. 1. ඉහත නම් සඳහන් දිවුරුම් ප්‍රකාශිකාව මම වෙමි.
11. මාගේ වයස අවුරුදු 45යි,’උපන් දිනය : 1968. 01. 22, විවාහක, දරුවන් 03යි.
111. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්මි.

02. 1983 වසරේදී, බී. හේමලාල් පීරිස් සමග මා විවාහ වූබවත්, එම විවාහයෙන් දරුවන් 03කු ලැබුන බවත්, වැඩිමහල් දියණිය අවුරුදු 26යි, දෙවන දියණිය
අවරුදු 23 හා බාල පුතා අවුරුදු 18 වන බවත්, දැනට සැමියා මාගෙන් වෙන්ව වෙනත් ස්ත්‍රියක සමග ජීවත්වන බවත් ප්‍රකාශ කර සිටිමි.

03. මාගේ සැමියා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙක් බවත්, ඔහු කුඩු (මත්ද්‍රව්‍ය) විකිණීම ද සිදුකල බවත් ප්‍රකාශ කර සිටිමි.

04. රැකියාවක් කර කියා ගන්න බැරිකම නිසාම ජීවත්වීමට මා අරක්කු විකිණූ බවත්, එක්වරක් මා පොලිසියට අසුවූ බවත්, අධිකරණයේදී වරද පිළිගෙන
රුපියල් දසදහසක දඩයක් ගෙවන ලද බවත් ප්‍රකාශ කර සිටිමි.

05. 2003. 02. 28 වන දින, මා එගොඩඋයන දුම්රිය ස්ථානයේ, පානදුර බලා පිටත්වන දුම්රියක වාඩිවී සිටින විට, මොරටුව පොලිසියේ නිළධාරීන් 04කු
පැමිණ මා අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කර සිටිමි.

06. මා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කාන්තා නිළධාරිණියක් සිටියේ නැති බව ප්‍රකාශ කර සිටිමි.

07. මාව අත්අඩංගුවට ගන්නා අවස්තාවේ, මා සන්තකයේ මත්ද්‍රව්‍ය අඩංගු ඉතා කුඩා පැකට් 05ක් තිබුනු බව ප්‍රකාශ කර සිටිමි.

08. මාව මොරටුව පොලිසියට ගෙන ගිය පසුව, ලියුම් කවර 02කට මගෙන් බලහත්කාරයෙන් ඇඟිලි සලකුණු ලබාගත් බව ප්‍රකාශ කර සිටිමි.

09. මට ,අවුරුදු 05ක් 6ක් රිමාන්ඩ් එකේ ඉඳලා වරෙන්, යැයි පොලිස් නිළධාරීන් පැවසූ බව ප්‍රකාශ කර සිටිමි.

10. පසුවදා 2003. 03. 01 දින මොරටුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කර- 2003. 03. 14 දින දක්වා රක්‍ෂීත බන්‍ධනාගාර ගත කරනු ලැබූ බව
ප්‍රකාශ කර සිටිමි.

11. මට විරුද්ධව මොරටුව පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රූම් 1100ක් ලඟ තබා ගැනීම සහ හෙරොයින් මිලිග්‍රූම් 100ක් මුදලට විකිණීම යන චෝදනාව
නගා තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.

12. තවද – මා සන්තකයේ තිබී හෙරොයින් පැකට් 10ක් සොයාගත් බවට සහ මාගෙන් පොලිස් නිලධාරියෙක් හෙරොයින් මිලිග්‍රූම් 100ක් අඩංගු හෙරොයින්
පැකට් 01ක් මිළදී ගත් බවට අසත්‍ය ප්‍රකාශයක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.

13. නඩුවාර 04කට පසුව, එනම් 2003.06.27 වන දින, පොලිසිය ඉදරිපත් කරන ලද ,භාන්ඩ, රස පරීක්‍ෂක වෙත යැවීමට අධිකරණය නියම කරන ලදි.

14. එදින සිට, නඩු වාර 19කින් පසුව, එනම් 2004.11.30 වන දින රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බව දන්වන ලදි.

15. 2004.12.13 වන දින චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමට නියම විය.

16. 2004. 12. 27 – පොලිසිය නීති උපදෙස් පතන බව ප්‍රකාශ කරනු ලැබීය.

17. රස පරීක්‍ෂක වාර්තාවට අනුව – පොලිසිය ඉදිරිපත් කල එක් පැකැට්ටුවක හෙරොයින් මිලිග්‍රූම් 25ක් අඩංගු බවද, අනෙක් පැකැට්ටුවේ මිලිග්‍රූම් 228ක්
අඩංගු බවද සඳහන්ව තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.

18. මේ අනුව පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රූම් 1200ක් බවට සහතික කර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හෙරොයින් පැකට්වල අඩංගු හෙරොයින්
ප්‍රමාණය රස පරීක්‍ෂකට අනුව හෙරොයින් මිලිග්‍රූම් 253 ක් බව ප්‍රකාශ කර සිටිමි.

19. 15 වන ජේදයේ සඳහන් කල පරිදි 2004.12.13 දින නීති උපදෙස් සඳහා නීතිපතිට කරන ලද ඉල්ලීමට – අද දින දක්වාම පිළිතුරක් ලැබී නැති බව
ප්‍රකාශ කර සිටිමි.

20. 2004.12.13 වන දින සිට කැඳවා ඇති නඩුවාර ගණන 68ක් වන බව ප්‍රකාශ කර සිටිමි.

21. අවසන් වරට නඩුව කැඳවූයේ 2011.01.11 දින බව ප්‍රකාශ කර සිටිමි.

22. නීතිපතිවරයාට උපදෙස් පතා වසර 07ක් ඉක්මවා ඇතත් – මේ දක්වාම කිසිදු උපදෙසක් දීමට අසමත්ව ඇති බව ප්‍රකාශ කර සිටිමි.

23. 2004.12.26 දින සුනාමියෙන් පසුව – මාගේ දරුවන් තිදෙනා සිටින්නේ කොහේදැයි මා දන්නේ නැති බව ප්‍රකාශ කර සිටිමි.

24. වසර 1 1/2 කින්, මාගේ දරුවන් මා බැලීමට අධිකරණයට පැමිණියේ නැති බවත්, ඔවුන් කොහේ ජීවත්වනවාදැයි කියා මා නොදන්නා බවත් ප්‍රකාශ
කර සිටිමි.

25. දැනට මා රක්‍ෂිත බන්‍ධනාගාරගතවී වසර 07යි, මාස 10ක් බවත්, එනම් දින 2860 කට වැඩි ප්‍රමාණයක් බන්‍ධනාගාරයේ සිට ඇති බවත් ප්‍රකාශ කර සිටිමි.

26. මොරටුව පොලිසියේ මා අත්අඩංගුවට ගත් නිලධාරීන් විශාල ප්‍රමාණයක් හෙරොයින් අදේශ කර, මා රක්‍ෂිත බන්‍ධනාගාරයේ වසර 05 – 06 තබන බව
කල ප්‍රකාශය මේ වන විට යථාර්තයක් බවට පත්වඇති බව ප්‍රකාශ කර සිටිමි.

27. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට මා ඇප මත මුදාහැරීමට බලයක් නැති බව ප්‍රකාශ කර සිටිමි.

28. මට ඉහළ අධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමට කිසිඳු වත්කමක්ද නොමැති බව ප්‍රකාශ කර සිටිමි.

29. මා සන්තකයේ ඉතා කුඩා හෙරායින් පැකට් 05 තිබූ බව පිළිගැනීමට මා සූදානම් බව ප්‍රකාශ කර සිටිමි.

30. එයද මට කලහැක්කේ, නීතිපති වරයාගේ වාර්තාව ලැබුනහොත් පමණක් බව ද ප්‍රකාශ කර සිටිමි.

මට කීමට ඇත්තේ එපමණයි.

ඉහත නම් සඳහන් දිවුරුම් ප්‍රකාශය ප්‍රතිඥකාරියට කියවා තේරුම්කර දීමෙන් පසුව,
තේරුම් ගෙන,’2011.01.23 දින දී
මා ඉදිරිපිටදී වැලිකඩ බන්ධනාගාරයෙහි දී මා ඉදිරිපිට දී, අත්සන් තබන ලදි.

හර්ෂි.සී.පෙරේරා විසිනි.

මෙහි පිටපත පහත දැක්වේ.