Anuradhapura, සිංහල, Democracy, Governance, Life quips, Media

ආඥාදායක මුවම්මර් ගඩාෆි,… සමඟ ?….

ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් මේ විට එරට ජනයා දස දහස් ගණනින් විදී බසිමින් ගඩාෆිට එරෙහිව උද්ගෝෂණ කරන අතර ගඩාෆි විසින් ඇතැම් ස්ථානවල සිය ගණනක් උද්ගෝෂණ කරුවන් මරා දමා ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ගඩාෆි එරට හමුදාවලට අණ දී ඇත්තේ ගුවනින් පවා නිරායුධ උද්ඝොෂණකරුවන්ට ප්‍රහාර එල්ල කරන ලෙස ය. නමුත් ඇතැම් ගුවන් නියමුවන් එය ප්‍රතික්ෂේප කර ඔවුන් ලිබියාවෙන් පලා යමින් ඇත.

ගඩාෆි පාලනයේ ප්‍රධානීන් වන ගඩාෆිගේ පුතුන් 15 දෙනා ප්‍රකාශ කර තිබුනේ තම පාලනයට විරුද්ධව උද්ඝෝෂණය කරන අවසන් පිරිමියා, ගැහැණිය හෝ ළමයා දක්වා සටන් කරන බව ය.

මෙවන් මිලේච්ඡ ආඥාදායකයෙකු සමඟ ශ්‍රී ලංකාවේ ජනපති, පුතු හා ඇමතිවරුන් පසුගිය දා විශේෂ මිතුරුකමක් ආරම්භ කර ගත්තේ ය. 2009 සැප්තැම්බර් 06 වනදා ලිබියාවේ නිළ සංචාරයක යෙදුනු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිලේච්ඡ අඥාදායක ගඩාෆි සමඟ කරට අත දමාගෙන සිටි ඡායාරූපයක් මාධ්‍ය පළ කල අතර එය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට බඳුන් විය.

2011 ජනවාරි 16 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපිතිවරයාගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ ලීබියාවේ සංචාරයක යෙදුනි.(මෙම සංචාරය පිළිබද වැඩිදුර ාතාරතුරැ සදහා පිවිසෙන්න) ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස තුට්ටුවකටවත් මායිම් නොකල ගඩාෆි තම ආඥාදායක පාලනය වසර ගණනාවක් ගෙන ගියේ තම පවුලේ සාමාජිකයන් හා එක්ව ය.

මෙවන් දැඩි මිලිටර් අඥාදායකයෙකු සමඟ දේශප්‍රේමි, ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා ලාංකික ආණ්ඩුවේ නායකයින් අත්වැල් බැඳගැනීමේ (අ)දේශපාලන රහස කුමක් ද?

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස යමින් ඇතැයි කියන ලාංකීය පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපත් ‍ලිබියාවක් ඉල්ලා විදී බසින ජනයා සම්‍ග ද එසේත් නැතිනම් ”තම පාලනයට විරුද්ධව උද්ඝෝෂණය කරන අවසන් පිරිමියා, ගැහැණිය හෝ ළමයා දක්වා සටන් කරන බව කියන” ආඥාදායක ගඩාෆි සම්ගද…

ආඥාදායක මුවම්මල් ගඩාෆි සමඟ….