සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‛‛ආණ්ඩුව බොරුවක් ප්‍රකාශ කරලා තියෙන්නෙ.’’ – නිර්මාල් රංජිත්


‛‛විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නවා වසර තුනකට අධික කාලයක් තිස්සේ. නමුත් මේ වන විටත් ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ප්‍රමාණවත් විසඳුමක් ලැබිලා නැහැ.

අපි ගිය අවුරුද්දෙ ජුනි මාසෙ සංකේත වැඩ වර්ජනයක් දියත් කරන්න තීරණය කරලා ඉන්න අවස්ථාවේදී උසස් අධ්‍යාපන ඇමතිතුමා ආචාර්ය මණ්ඩලයේ නියෝජිතවරු තමන්ගෙ නිවසටම කැඳවලා අපෙන් ඉල්ලා හිටියා අපේ සංකේත වැඩවර්ජනය අත්හිටුවන්න, ඉල්ලීම් ලබාදීම සඳහා කටයුතු කරනවා කියලා. නමුත් ඉන්පසු එහෙම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම ගෙනියන්න අපි තීරණය කරලා තිබුණා.

නමුත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අයවැයට පෙර කියා හිටියා අපේ ඉල්ලීම් ඉටුකරන බව. නමුත් අයවැයෙන් අපේ ඉල්ලීම් වලට විසඳුම් ලැබුණෙ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද මාධ්‍ය වලට කියලා තියෙනවා අපේ ඉල්ලීම් ලබා දුන්නා කියලා. නමුත් ඒක සම්පූර්ණ වශයෙන් අසත්‍යයක්.

ආණ්ඩුව කියන්නෙ අපේ ප්‍රශ්න විසඳලා තියෙන්නෙ කියලා. ආණ්ඩුව බොරුවක් ප්‍රකාශ කරලා තියෙන්නෙ.”

සිය වැටුප් ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාට බල කරන සංඛේත වැඩවර්ජනයක් අද(15) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් දියත් කොට ඇත. එහිදී අදහස් දැක්වූ එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘විකල්ප’ සමග එසේ අදහස් දක්වන ලදී.

මෙහි වීඩියෝව පහත දැක්වේ

Today Photos