සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Poems

පශ්චාත් යුද කාලීන දේශයේ මුර දේවතාවාගේ අවිය

යුද්ධය අවසන් ය.
දේශයේ මුර දේවතාවා
දැන් මුරකරුවා බවට පත්ව ඇත.

යුද බියෙන් තොර
නිදහස් මනසින්
එහෙත්
අවි දරා
විසල් දොරටු ළඟ
ප්‍රභූ යනෙන මග
රැක සිටින දේශයේ මුරකරුවා

ඔහු වෙනුවෙන්
ආශිර්වාද බෝධි පූජා පැවැත් වූ
නිදිවරා සෙත් පිරිත් කියූ
මග යනෙන
අක්කලා, නංගිලා, සුදූ ලා
චූටි ලා, ස්විටි ලා……
සූ සූ ගා … චූස් චූස් ගා…
දිවි හිමියෙන් රැකුමට
සිය ශරීරවිය අමෝරා සිටියි..

කේ.වී.ඩී. ලක්ෂානි