සිංහල, Districts, Human Rights, Life quips, Poems

අවුරුද්ද මට හීනයක්

හිත් අග්ගිස්සෙන්
හොරාට මෝදු වන
එරබදු පොහොට්ටුව
නිය අගින් කඩා දමමි
දළුලා වැඩෙන්නට මත්තෙන්
ලෝක කුසලාන අස්සෙන්
නැග්ග ජීවන බර
කොළඹටත් වැඩියෙන් දැං
ලොකුයි අම්මේ මට

නෙතග දිදුළන
පුංචි හීනය
කරගැට පිරුණු දෑතින්
පිස දමා ගනිමි
උතුරා කඩා හැලෙන්නට මත්තෙන්
ඡන්දේ ගත්ත මහත්තයාට
රස්සාව දෙන්න අමතක වුණාට
ප්‍රෙට්ට්‍රල් මිල නම්
කොළඹටත් වැඩියෙන් දැං
උසයි අම්මේ මට

අවුරුද්ද
නපුරු හීනයක් වෙලා
ඇහැරනවා හැමදාම
අශ්චර්යය ඉරාගෙන
නැතිබැරි කමටත් වඩා
ඉහළ ගිය ගෑස් මිල දැං
කොළඹ වගේම ලස්සනයි
දුරින් පේනකොට අම්මේ මට

අරවින්ද පෙරේරා