Colombo, end of the War, Featured Articles, Features

‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට මගේ රටය’


සිහින පෙන්නු තරමට
නොදැණුනි ගිලෙන තරමක් කර වට
ජාතික උන්මාදය තිබුනද
හුස්ම වැටෙන්නෙත් දැං බාගෙට

‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මට මගේ රටය’
නැගිනි ඔල්වරසන් දසත
ප්‍රීති ඝෝෂා මැද
බදු බරට යට වුණි සිහින ඔක්කොම

සිහිනෙනුත් දැක දැක විදුලි පුටුව
ඇද ගතිමි ආයෙමත් ගැමුණුට
හමු විය දමිල නොවන එළාරව
ඉතිං ගොරවති සිංහ පැටව් අවට

සිංහලෙන් පමණක් හිතන
සිංහලෙන් ම පිටරැටියන්ට බණින
හංදිගානේ උන් චණ්ඩි
කඩු කිණිසි මුවහත් කරයි අරලිය ගහ මුල

අරවින්ද පෙරේරා