සිංහල, Human Rights, Life quips, Matale

මාතලේ දී, මගියෙකුට පොලිසීයෙන් ප්‍රහාරයක්….

vikalpa-pub-ph.jpg
මාතලේ රත්තොට බස් රථයේ ගමන් ගත් අන්සාර් නැමති මුස්ලිම් ජාතිකයෙකුට මාතලේ පොළීසියේ විශේෂ ඒකකයේ නිළධාරින් පිරිසක් මාතලෙ,් දඹුල්ල මාර්ගයේ රත්තොට මංසන්ධියේදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මෙම පහරදීම සියැසින් දුටු මගීන්ගේ විරෝධය නිසා ඉතා ඉක්මනින් මෙම අන්සාර් නැමැත්තා මාතලේ රෝ්හලට ඇතුල් කිරීමට එම පොළිස් නිළධාරීන් පිරිස පියවර ගෙන ඇත.

ඊයේ (17)රාත්‍රියේ ‛‛විකල්ප’’ වෙබ් අඩවිය රෝහලෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු පැවසූයේ මෙම පහරදීම නිසා මෙම අන්සාර් නැමැත්තා මාතලේ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතලත් කිරීමෙන් පසු ඉතාමත් බරපතල තත්ත්වයක පවතින බවත්, රෝහලට ඇතුල් කිරීමේදී එම පොලිස් නිළධාරීන් රෝහලට පවසා ඇත්තේ මොහු බීමත්ව බසයේ පාපුවරුවේ යාමේදී ලොරියක ගැටි මේ අනතුර සිදුවු බවය. කෙසේ වෙතත් පහර දීමක් ද ලොරියක ගැටී මෙම තුවාල සිදුවූ බවත් වෛද්‍ය පරීක්ෂණයට අනුව සොයා ගත හැකි හෙයින් එයට අනුව මෙම තුවාල සිදුවී ඇත්තේ කෙසේ ද යන්න විකල්ප වෙබ් අඩවිය විමසා සිටි අවස්ථාවේ එම රෝහල් ප්‍රකාශකයා පවසා සිටියේ ‛‛මොහු හෙට උදෑසන වෙනකොට තමන්ට සිදු වූ දේ බොහෝ විට සත්‍ය ලෙස ප්‍රකාශ කරයි’’ මට මේ වෙලාවේ මගේ නමවත්, පැහැදිලි ප්‍රකාශයක්වත් මාධ්‍යට දෙන්න බැහැ. දැන් ඒ සම්බන්ධයෙන් කියන්න කවුරුත් ඇත්තෙත් නැ. එම ප්‍රකාශකයා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් අද උදෑසන(18) අප මාතලේ රෝහලේ අධ්‍යක්ෂක කේ. ඩබ්. එස්. කුමාරවංශ මහතාගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කර සිටියේ ‛‛ඊයේ රාත්‍රියේ බසයෙන් වැටී තුවාල සිදු වූ පුද්ගලයෙක් රෝහලට ඇතුලත් කළ බවත්, එම පුද්ගලයා රෝහලට බාර දී ඇත්තේ පොලිසීය විසින් බවත් ය. දැනට ලෙඩාගේ තත්ත්වය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, අධිකරණ වාර්තාවක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ය’’
නමුත් බසයේ ගමන් ගත් ඇසින් දුටුවන් බවසන්නේ තුවක්කු බඳෙන් ඉතා අමාණුෂික ලෙස මොහුට පර දුන් බවත්, මෙම පහර දීමේ දී මාර්ගයේ ගමන් ගත් වෙනත් ලොරියක මොහුගේ හිස වැඳුනු බවත් ය. එසේම මොහු ගමන් ගත් බස් රථය මගීන්ගෙන් පිරී පැවති අතර පාපුවරුවේ විශාල පිරිසක් ගමන් ගත් බවත් එහි දී බසය නතර කළ පොලිස් නිළධාරීන් ඒ සම්බන්යෙන් ක්‍රියා නොකර අහිංසක මිනිසෙකුට පහර දුන් බවත් එම බස් රථයේ ඇතැම් මිනිසුන්ගේ මැදිහත්වීම හැරෙන්නට ඔහු මිය යන්නට පවා ඉඩ තිබුනු බවත් ය. මොහු ගමන් ගත් බස්රථයේ අංකය ඨඨ 9772 ලෙස ද, අදාළ පොලිස් නිළධාරීන් පැමිණි ජීප් රථයේ අංකය ඛෑ 8972 බවත් ය. මෙවන් අමානුෂික පොලිස් ප්‍රහාර දැකගන්නට අපේ ඇස් මෙච්චර අවාසනාවන්ත ද දැයි එම සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන ලද බවත් වාර්තාවේ.