සිංහල, Colombo, Democracy, Human Rights, Media

රිවිර කතෘට සහ ඔහුගේ බිරිඳට මැර ප්‍රහාරයක්

web-photo.jpg
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරකෑමට ලක්විය. යතුරු පැදිවලින් පැමිණි මැර පිරිස ඔවුන් ගමන් ගත් වෑන් රථයට පොලුවලින් ගසා විදුරු බිද දමා උපාලි තෙන්නකොන් මහතාට පොලුවලින් පහර දී ඇත. පහර දෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ උපාලි තෙන්නකොන් මහතා ආරක්ෂා කරන්නට යාමේදී ඇයට ද තුවාල සිදුකොට ඇත.
තෙන්නකොන් මහතා සහ බිරිද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නැතැයි වාර්තාවේ.