සිංහල, Colombo, Corruption, Democracy, Governance, Media

චින්තනයේ ආශ්චර්ය දෝරෙ ගලයි – රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. මිලියන 215208.11ක

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව දූෂණ විමසුම නම් සංවිධානය ඊයේ(20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සවිස්තරාත්මක වාර්තාවක් සමග හෙළි කලාය. විශේෂයෙන් රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. රු. මිලියන 215208.11ක් බවත්, මෙය වාර්තා වන්නේ 2009 සිට බවත්. අද වනතෙක් මෙකී අලාභ ලබන ආයතන යථා තත්ත්වයට ගැනීමට හෝ අලාභ නොලබන තත්ත්වයට පත් කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර මොනවාද? යන්න ඔවුන් ප්‍රශ්ණ කළේය.

එහි නිකුත් කර ඇති වාර්තාවක දැක්වුනේ ප්‍රමුඛ පෙළේ නාස්තිකාර ආයතන 10ක් සමග සම්පුර්ණ නාස්තිකාර ආයතන 54කි.

ඒ අතරින් පහත දැක්වෙන ආයතන ප්‍රමුඛ පෙලේ නාස්තිකාර ආයතන 10ක්.

2009
1. ලංකා වරාය අධිකාරිය – රු. කෝටි 10196.3
2. ලංකා ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය – 2139.0
3. පොහොර සංස්ථාව – 2125.8
4. වී අළෙවි මණ්ඩලය – 1775.2
5. ලංකා විදුලි බල මණ්ඩලය – 1680.0
6. ශ්‍රී ලංකා ගුවන් සමාගම – 1643.9
7. ලංකා ඛණිජ තෙල් සංස්ථාව – 480.0
8. ඉන්ෆොමේෂන් ඇන්ඩ් කොමියුනිකේෂන්
ටෙක්නොලජි එජන්සි සමාගම – 172.1
9. මිහින් ලංකා සමාගම – 167.5
10. නාගරික සංවර්ධන අධිකාරිය – 167.3

පාඩු ලබන රාජ්‍ය ආයතන

2009
ආයතනය – අලාභය (මිලියන)

01. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය – 3,824
02. නාගරික සංවර්ධන අධිකාරිය – 1,673
03. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව – 350
04. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව – 30
05. රාජ්‍ය මුද්‍රණ සංස්ථාව – 23
06. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව – 952
07. ශ්‍රී ජයවර්ධනපුර රෝහල – 868
08. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය – 32
09. පොහොර සංස්ථාව – 21,258
10. කොළඹ වාණිජ පොහොර සමාගම – 17,752
11. වී අළෙවි මණ්ඩලය – 31
12. කෘෂි කර්ම හා කෘෂි සංරක්‍ෂණ මණ්ඩලය – 891
13. ලංකා සේවා හා භාණ්ඩ සමාගම – 6
14. ලංකා ධීවර සංස්ථාව – 57
15. ලංකා ධීවර වරාය සංස්ථාව – 386
16. ලංකා නෝර් පදනම – 85
17. ඔසු ගොවි සමාගම – 15.7
18. ලංකා පිඟන් සංස්ථාව – 41.4
19. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව – 80
20. කහටගහ ග්‍රුෆයිට් සමාගම – 10
21. ලංකා ඛණිජ වැලි සංස්ථාව සමාගම – 93
22. දේශීය ණය හා සංවර්ධන අරමුදල – 838
23. ජාතික කඩදාසි සංස්ථාව – 102
24. බී.සී.සී. ලංකා සමාගම – 2
25. තුරුසවිය අරමුදල – 20.9
26. රාජ්‍ය වැවිලි සංස්ථාව – 58
27. ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගම – 30
28. තල් සංවර්ධන මණ්ඩලය – 80.4
29. ශ්‍රී ලංකා කජු සංස්ථාව – 105
30. රාජ්‍ය වාණිජ තොග වෙළඳ සමාගම – 9.36
31. ඉන්ෆොමේෂන් ඇන්ඩ් කොමියුනිකේෂන්
ටෙක්නොලජි ඒජන්සි සමාගම – 1721
(Information & Communication Tech. Agency of SL Ltd)
32. ලංකා ඛණිජ තෙල් සංස්ථාව – 4800
33. ලංකා විදුලි බල මණ්ඩලය – 16,800
34. ලංකා වරාය අධිකාරය – 101,963
35. ලංකා නැව් සංස්ථාව – 81
36. මිහින් ලංකා සමාගම – 1,675
37. ශ්‍රී ලංකා ගුවන් සමාගම – 16,439
38. ලංකා ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය – 21,390
39. සිකියුරිට් ඇන්ඩ් එක්ස්චේන්ජ් කොමිෂන් – 182.8
40. ශ්‍රී ලංකා ගණකාධිකාරී හා විගණන අධීක්‍ෂණ මණ්ඩලය – 22.12
41. ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලය – 19.43
42. ශ්‍රී ලංකා නැව ඒජන්සි සමාගම – 1
43. ශ්‍රී ලංකා ලිබියා කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන සමාගම- 21
44. ලංකා හොස්පිට්ල් කෝපරේෂන් – 259
45. වින්ක් ඇඩ්වර්ටයිසින් – 1
46. දකුණු සංවර්ධන මූල්‍ය සමාගම (මහජන බැංකුව) – 2
47. හොටෙල් කලම්බු (1963) සමාගම – 17
48. සී බෑන්ක් හොලිඩේ හෝම්ස් සමාගම – 1
49. දකුණු සංවර්ධන මූල්‍ය සමාගම (ලංකා බැංකුව) – 2
50. එච්.ඩී.එෆ්.සී. දේපළ වෙළඳාම් සංවර්ධන සමාගම – 34
51. පෑලියගොඩ භාණ්ඩ රැඳවුම් මධ්‍යස්ථාන සමාගම – 20
Peliyagoda Ware House Complex co. Ltd (HDFC)
52. ග්‍රාමීය ආයෝජන හා සංවර්ධන සමාගම – 3
53. UDA රෙස්ට්හවුස් සමාගම – 15
54. ලංකා ගල් අඟුරු සමාගම (CEB) – 6
55. ලක්දිව ඉංජිනේරු සමාගම – 29