සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

නිදහස සොයන ‛‛නිදහසේ වේදිකාව’’…..

pf-post-1.jpg
නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය විසින් අද(19)දින කොළඹ 10 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදි නිදහසේ වේදිකාව මහජන ව්‍යපාරය ආරම්භ කිරීමේ හේතු දක්වමින් අදහස් දැක්වූ බ්‍රටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙරටේ අන්කවරදාකටත් වඩා ඇතිවෙමින් පවතින මර්දනකාරී තත්ත්වය නිසා අහිමි වී තිබෙන ‛‛ජීවත්වීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’’ රට තුළ නැවත ස්ථාපිත කිරීම ‛‛නිදහසේ වේදිකාවේ’’ ප්‍රමුඛ කාර්යය බවයි. විවිධ දේශපාලන පක්ෂ බහුජන සංවිධාන ඇතුළු සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට මෙම වේදිකාව විවෘත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටිය.
මෙහිදී කථාකළ එම ව්‍යාපාරයේ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශකලේ නිදහසේ වේදිකාව හමුවේ පවතින ප්‍රධාන අභියෝගය වන්නේ ජීවත්වීමේ අයිතියට හා භාෂණයේ නිදහසට පවතින රජය විසින් තහංචි පැනවිම හෝ අතපෙවීම නිසා ඇති වී තිබෙන අවිචාරවත් තත්ත්වය නැතිකිරීම බවයි.
‛‛මීට පෙර පවතින දේශපාලන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට මේ රට පාලනය කර තිබුනද මේතරම් මාධ්‍යවේදින් මරා දැමූ, මාධ්‍යවේදීන්ට පහරදුන්, මාධ්‍යවේදීන්ට තර්ජනය කළ රජයක් නොතිබූ බව මා වගකීමේන් යුතුව ප්‍රකාශ කරනව. මොකද මේ රජය පත්වී ගෙවී ගිය පසුගිය අවුරුදු 4 තුල පමණක් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සේවකයින් 13 දෙනෙකු ඝාතනය කරතිබෙනව. මාධ්‍ය ආයතන ගිනිබත් කර තිබෙනවා, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් බරපතල තුවාල සිදුකොට මහමඟ දමාගොස් තිබෙනවා.එපමණක් නොවේ විවිධාකාර තර්ජන හරහා මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතන නිහඬ කර තිබෙනව.මෙහි ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය තමයි මේතාක් මේ කිසිදු සිදුවීමකට අදාලව අවම තරමේ පිළිගත හැකි මට්ටමේ සැකකරුවෙක්වත් නීතිය ඉදිරියට ගෙන ඒමට පවතින රජය අපොහොසත් වි තිබීම.මාධ්‍ය සංවිධාන විදිහට අපි මෙම තත්ත්වය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා යයි මෙහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා ප්‍රකාශකර සිටියා.