සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips

ආරක්ෂාවේ වේදනාව…

bus-vikalpa-publish.jpg

‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද? බෑග් තියන තැන බෑග් තියන්නත් නෑ. මට මේ ළමයත් එක්ක මේක තියාගන්න පුලුවන් ද.. ’’ ඒ අම්මාගේ වේදනාවේ ස්වරය ය. ‛‛ඒක අපිට කියලා වැඩක් නෑ. කියනවා පොලීසියට.’’ නැවතත් කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ, ඉතාමත් අවිචාරවත් ලෙස ය.

බසයම නිහඬය.

ඒ අම්මාගේ විලාපයට කිසිවෙකුට කිසිවක් කියන්නට බැරිය ‛‛එහෙම කියන්න එපා. මම කීවේය’’ කටවහපන් තොගේ කටට වෙඩි තියයි. මගේ අසල සිටි මිතුරා කීවේය. ඇයි ඒ..? ඒක තමා ජාතික ආරක්ෂාව.

ඉහත ජායාරූපයෙන් දැක්වෙනුයේ සුඛෝපභෝගී බස් රථවල පවා ගමන් මලු තබන ස්ථානයේ ගමන් මලු තැබීමට නොහැකිවන අයුරින් එහි කම්බි ගලවා ඉවත් කල අයුරු ය.

Thapu