සිංහල, Human Security, Life quips, Trincomalee

සේරුනුවර,දෙහිවත්තේ දී ගොවීන් 5දෙනෙකු ඝාතනය කරයි….

සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා කිරීමට කූඹුරුවලට ගොස් එමින් සිටි ගොවි පිරිසකට ය. මෙම සිද්ධියට පෙර යම් ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රදේශයට පැමිණ ඇති බව පෙර සිටම දැනුම් දි තිබු බවත් ඒ පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙස ආරක්ෂක අංශ දන්වා තිබූ බව ප්‍රදේශවාසීයෙක් “විකල්ප” වෙබ් අඩවිය සමඟ පැවසීය.

මේ පිළිබද අප සේරුනුවර පොළිසියෙන් කල විමසීමකදී එහි නිළධාරියෙකු ප්‍රකාශ කලේ “අපිට කිසිවක් කියන්න බෑ. කොළඹ තොරතුරු එකෙන් ගන්න.”

එතකොට ප්‍රදේශයේ සිද්ධියක් පිළිබදව ප්‍රදේශයේ පොලීසියෙන් ගන්න බැරිද..? අප විමසසීය.
“මහත්තයට ඕනනම් කොළඹින් ගන්න. නැත්නම් කන්තලෙන් ගන්න.”

කරුණාකරලා මහත්තයාගේ නම කියනවද ?… දුරකථනය විසංදි විය.

මේ සම්බන්ධයෙන් අප කන්තලේ සහකාර පොළිස් අධිකාරී කාර්යාලය ඇමතීය..

“විකල්ප” වෙබ් අඩවිය – සේරුනුවර යම් සිද්ධියක් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්ද?

සහකාර පොළිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියා – මහත්තයා, සේරුනුවර පොලිසියෙන් ගන්න පුලුවන්.

“විකල්ප” වෙබ් අඩවිය – සේරුනුවර පොලිසිය තොරතුරු දෙන්න බෑ කියනවා. ඒ එස් පී ඔෆිස් එකෙන් හරි කොළඹින් හරි ගන්න කියනවා.

සහකාර පොළිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියා – හා… ඒඑස්පී මහත්තයා රුස්වීමක. තව පැය භාගෙකින් ගන්නව ද?