සිංහල, Colombo, Human Rights, Life quips

ළමයි, දැන්වීම් පුවරු සහ විදේශ චාරිකා

යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්, උදාවීමට නියමිත අනාගතයේදීත් ළමයාට සුවිශේෂී වැදගත්කමක් හිමිවේ. මෙහිලා ඬඬළමයා මිනිසාගේ පියායඬඬ යන, විලියම් වර්ඞ්ස්වර්ත්ගේ ප‍්‍රකාශය අවධාරණය කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ළමුන්ගේ තත්වය මතුපිටින් පෙනෙන ආකාරය මෙන් සුන්දර නැත. පහත උදාහරණ, පීඩාවට පත් ළමුන් දෙදෙනෙකුගේ දුක්බර ජීවිත හෙළිදරව් කරයි.

ළහිරු සම්පත්ට වයස අවුරුදු 10 කි. ඔහු මොරගල්ල කණිෂ්ඨ වි,ලයේ 4 වසරේ ඉගෙනුම ලබයි. වදකහවෙල රේල්පාර අසල, බේරුවල පිහිටි ලෑලි ගැසූ, ටකරන් සෙවිලිකළ කුඩා නිවසක ඔහු පදිංචිව සිටී. මෙම නිවසට ජල පහසුකම් හෝ වැසිකිළි පහසුකම් නැත. වැසිකිළිය ලෙස භාවිතා කරන්නේ, නිවසට නුදුරින් පිහිටි වන ලැහැබයි. මව රැුකියාවක් නොකරන අතර පියා කුළියට මාලූ විකුණයි. දිනපතා රැුකියාව නොමැති අතර දෛනික ආදායම රු. 200/- ක් පමණි. ලහිරුගේ සොහොයුරියද පාසල් යන්නීය.

පහළොස් හැවිරිදි නස්රිෆා නවුෂාඞ් බේරුවල අල් ෆාසියා වි,ලයේ ඉගෙනුම ලබන්නීය. ලබන වසරේ අ.පො.ස.(සා/පෙළ* විභාගයට පෙනී සිටීමට නියමිතය. ඇය පදිංචිව සිටින්නේ නො.09, නිවාස සංකීර්ණය, මරදාන පාර, බේරුවල යන ලිපිනයේය. ඇයට මව් සෙනෙහස පමණක් නොව, පිය සෙනෙහස ද අහිමිව ඇත. ඇගේ රැුකවරණයට සිටින්නේ, ආච්චිඅම්මා පමණි. ඇයට සොහොයුරන් දෙදෙනෙක්ද සොහොයුරියක්ද සිටියි. මුලූ පවුලටම කන්න, අඳින්නට දෙන්නේ, කුළී වැඩ කර, හරි හම්බ කරන ආච්චිගේ බෑණාය. බෑණාගේ දෛනික ආදායම රු. 500 කි. බෑණාට තමන්ගේම ළමයින් 05 දෙනෙකි.

ඉහත ළමයින් දෙදෙනා හා සමානව දුක්ඛ දෝමනස්සයන්ට පාත‍්‍ර වූ ළමෝ දස දහස් ගණනකි. ඔවුන් සම්බන්ධයෙන් හක්‍ෂක් නැත. හක්‍ෂක් නැගීමට වගකිව යුත්තන්ට උවමණාවක් ද නැත. මෙහිලා අකමැත්ත ද බලපා ඇත.

රටේ මුදල් හිඟයක් ඇත්ද? මෙම මුදල් හිඟය නිසා අපේ රටේ ළමයින් මෙසේ අපා දුක් විඳින්නේද? මතභේදාත්මකය.

දිනෙන් දින විවිධ වර්ණයෙන් සැකසුණු දැවැන්ත දැන්වීම් පුවරු සෑම නගරයකම පාහේ දැකගත හැක. පුවත්පත් වාර්තා කළ අන්දමට විශාල දැන්වීම් පුවරු සඳහා මිලියන 2.2 ක් යෙදවීම සම්බන්ධයෙන් ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය.

ජනාධිපතිවරයා ඇතුලූ පරිවාර පිරිසට විදේශ සංචාර සඳහා මහා පරිමාණයෙන් මුදල් නාස්ති වීමක් සිදුවේ. හොඳම නිදසුන මේ වසර ආරම්භයේදී ජනාධිපති ප‍්‍රමුඛ සාමාජිකයින් 192 කගේ චීන සංචාරයයි. පාර්ලිමේන්තුවේ වාර්තා වූ අන්දමට වියදම මිලියන 56 කි.

දැන්වීම් පුවරු සහ දෙස් විදෙස් සංචාරයන්ට වැය වන්නේ මහජන මුදල්ය. ලහිරු හා නස්රිෆාගේ දෙමාපියන් හා ඥාතීන් දහදිය කඳුලූ වගුරුවන හරිහම්බ කළ දේවල් ද මේ මුදල් වලට දායක වූ බව නිසැකය.

හර්ෂි චිත‍්‍රාංගි පෙරේරා