සිංහල, Human Rights, Human Security, Moneragala, Stories from the silent

බුත්තල වැලිආරේදී ට්‍රුක්ටරයකට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලවීමෙන් රියදුරු මිය යයි

අද උදෑසන 9.30 පමණ යාල වනෝද්‍යානය මායිමේ පිහිටි බුත්තල,වැලිආර ප්‍රදේශයේ පොලිස් මුරපොලක් වෙත වතුර රැගෙන යමින් සිටි පැල්වත්ත සිනි සමාගමට අයත් ට්‍රුක්ටරයකට එල්ලවූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් එම ට්‍රුක්ටරයේ රියදුරා මියගියේය.
මේ පිළිබඳව අප බුත්තල රෝහලෙන් කළ විමසීමකදී එහි අධිකරණ වෛද්‍ය නිළධාරියා පැවසුවේ බෝම්බ පිපිරීමේන් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් රෝහල වෙත ගෙනවිත් ඇතිබවත් එය අධිකරණ මරණ පරීක්ෂණය සඳහ දැනට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවත්ය.
බුත්තල පොලීසිය මේ පිළිබඳව පැවසූවේ ‛‛ අද උදේ වැලිආර ප්‍රදේශයේදී ට්‍රුක්ටරයක් කිලේමෝ බෝම්බයකට හසුවීමෙන් එහි රියදුරු මහතා මියගිය බවයි. එම ට්‍රුක්ටරය කුමක් සඳහා එහි ගියේද යන්න නොදන්නා බවත් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින නිසා වැඩිදුර තොරතුරු තවම ප්‍රකාශ කළ නොහැකි බවත්ය’’.