සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

වයස අවුරුදු 7 දරුවෙකු මරා වලදමල

අද දහවල් 11 ට පමණ මොණරාගල, කහම්භාන, කෙහොඹ ප්‍රදේශයේ දී මරා වලදමා තිබූ වයස අවුරුදු 7 පමණ පිරිමි දරුවෙකුගේ සිරුරක් ගොඩගනුලැබූ බව වාර්ථාවේ. කහම්භාන කණිටු විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ දරුවා ඊයේ හවස සිට අතුරුදහන් වි සිට ඇති අතර අද උදෑසන එම ප්‍රදේශයේම කෑලෑවක වලාදමා තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇත.
මේ පිළිබඳව අප මොණරාගල පොලිසියෙන් විමසු විට ඔවුන් පැවසුවේ කහම්භාන ප්‍රදේශයේ මේවැනි සිද්ධියක් සිදුවි ඇති බවත් මේ අවස්ථාව වන විට මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන බැවින් යමක් කීමට නොහැකි බවත්ය.