Colombo, Featured Articles, Features

“එස්.ටී.එෆ් දෙන්නෙක් ඉස්සරහට ඇවිත් දණ ගහලා වෙඩි තිබ්බා” – [Video]

පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය.

හමුදාව සහ පොලීසිය විසින් තමන්ට, එල්.ටී.ටී.ඊ යට වෙඩි තබන ආකාරයට වෙඩි තැබූ බව එම අවස්ථාවට මුහුණ දුන් ධීවරයෝ පැවසීය. මිය ඇන්ටනීගේ දේහය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට තැත්කළ අයට පොලීසිය විසින් පහර දුන් බවත් අවසානයේ ඇන්ටනීගේ මිනියටද පයින් පාගමින් පහර දුන් බවත් සිද්ධිය ඇසින් දුටුවන් විකල්ප සමග පැවසීය. ඇන්ටනී ඝාතනය කර තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකරමින් කළ වෙඩි තැබීම ඇසින් දුටුවන් ‘විකල්ප‘ සමග එම අවස්ථාව විස්තර කළේ මේ ආකාරයටය.

[youtube]http://www.youtube.com/watch?v=OA1d7o1uH3M[/youtube]