සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමරිකාවට විරුද්ධව ආණ්ඩුවේ දේශප්‍රේමින්(?) මහපාරේ

අද(27) ආර්ම්භ වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව දීප ව්‍යාප්තව ජනතාව පෙළ ගැස්වීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇත. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආණ්ඩුවට හිතැති දේශපාලඥයන්,කලාකරුවන්, වෘත්තීය සමිති සහ ජනතාව අද(27) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ගමන් කළේ ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට විරෝධය දක්වමිනි. මෙතෙක් කාලයක් ලාංකිකයන්ට තිබූ ප්‍රශ්න සියල්ල අභිබවා නැවතත් දේශප්‍රේමී වසන්තය උදා වී ඇත.

මෙහි අනෙක් සුවිශේෂී කරුණ නම් මෙම උද්ඝෝෂකයින්ගේ එක් සටන් පාඨයක් වූයේ ‛‛එන මැතිවරණයෙදී ඔබාමාට යන්න වෙනවා’’ යනුවෙනි.

අනෙක නම් පසුගිය ජනවාරි 25 වනදා මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කල ‛කඑ ජනාවාරිය’ උද්ඝෝෂණයට පෙර දවසේම එය මැඩ පැවැත්වීම සඳහා මහජන සාමයට බාධා වන බව පවසා අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගත් ‛ශ්‍රීලංකා පොළීසිය’ මේ අවස්ථාවේ දී ගාලු පාරේ එක් මංතීරුවක් මෙම උද්ඝෝෂණ කරුවන්ට වෙන් කර දී ආරක්ෂාවද සපයමින් තිබෙනු දක්නට ලැබීමෙන් පෙනී යන්නේ ලාංකාවේ තිබෙනවා යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නොවේ ද?

මේ සම්පූර්ණ ඡායාරෑප සටහනයි

Protest in Fort