Colombo, end of the War, Featured Articles, Features

අද ලෝක කාන්තා දිනයයි ; ඇය තවමත් බලා සීටී


අද ලෝක කන්තා දිනයයි. කොළඹ බොහෝ තැන්වල පක්ෂ ලෙස සහ සිවිල් සංවිධාන ලෙස කාන්තා දිනය සමරනු ලබයි. නමුත් උතුරේ තවමත් තම අහිමි දරුවන් වෙන්වෙනු සුසුම්ලන මව්වරුන්ගේ බොහෝ කථාන්දර දකුනේ කොළඹ කොන්ක්‍රීට් ලොවට ඇසෙන්නේ නැ. බොහෝ ඇස් කන් ද කොන්ක්‍රීට් දමා ඇති නිසාවෙනි. ඒ උණු කඳුළු උල්පත් තවමත් එසේමය. තමන්ගේ දුවා දරුවන් මරණය කරා රැගෙන යද්දී ඔවුන්ට සිය දෑසින් බලාසීටිම හැර අන්කිසිවක් කරගත නොහැකි වූ අම්මලා සිය දහස් ගණනක් උතුරේ තවමත් තම චිත්ත සන්තානයන්ගේ හුමාලයෙන් පිච්චි පිච්චී ජීවත් වෙයි. යුක්තිය යනු ඔවුනට හීනයක් වන තරමටම ඔවුන්ව ජීවිත තුළ අසරණ කර ඇත. පහතින් දක්වෙන්නේ හිතළුවක් නොවේ. සැබෑ භූමියේ කටුක යථාර්තය වෙනුවට ජීවිතයේ අවසන් නිමේෂයේ හෝ තම ආදරණීයයන්ගේ ජීවිත වලට යුක්තිය ඉටුවේවියැයි කියා සංහිදියා ? කොමිසම(උගත් පාඩම් හා සංහිදියා කොමිසම, LLRC) ඉදිරියේ උතුරේ අම්මා කෙනෙකු දුන් ඇසින් දුටු සාක්ෂියකි.

කොමිසමේ සභාපතිවරයා ඇයට අවසන මෙසේ කීවාය. “අපි එය සොයා බලන්නම්” .

ඇය තවමත් දෑස් දල්වා බලාසිටින්නේ ඒ දෙසෙය.

බාර වු එල් ටි ටි ඊ නායකයින් බලහත්කාර අතුරුදහන් කිරිම පිළිබඳ චෝදනාව:

කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙන ලද ඇතැම් සාක්ෂිකරුවන් යුද්ධයේ අවසාන අදියරේ දි මුලතිව් හි දි රජයට භාර වු එල් ටි ටි ඊ නායකයින් බස් රථ වලට නංවා ගත් බව තමන් ඇසින් දුටු බව කියා සිටි අතර ඉන් පසු ඔවුන් අතුරුදහන් වි ඇතැයි කියා සිටියෝය. 2010 නොවැම්බර් මස අරියාලේ හි දි සාක්ෂි දුන් කාන්තාවක් 2009 මැයි 18 වන දින (මුලතිව් හිදි) තම සැමියා ඇතුළු පනස් දෙනෙකුට ආසන්න පිරිසක් රජයට බාර වු පසු බස් රථ වලට නංවා ගත් බව කියා සිටියාය.63 තවත් කාන්තාවක් තමන් එබඳු බස් රථ දහසයක් ගණන් කළ බව කියා සිටියාය. මේසේ බස් රථ වලට නංවා ගත් පිරිස අතර, ඉලම්පත්ති‍්‍ර (පුදුකුඩුඉරියප්පු හි දේශපාලන නායක), රූබන්, බාබු හා වෙලාවන්, එල් ටි ටි ඊ කවියෙක් වු පුතුවාහි රතිමන්තුරෙයි, අධ්‍යාපන අංශය භාර ව සිටි බේබි සුබ‍්‍රමනියම් හා කලක් එල් ටි ටි ඊ අන්තර් ජාතික අංශය භාර ව සිටි තයිලගර් යන අන්වර්ථ නාමයන් ගෙන් හදුන්වන ලද එල් ටි ටි ඊ නායකයින් සිටි බව තවත් සාක්ෂිකාරියක් කියා සිටියාය.

62 සාක්ෂි අංක 8: ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය: නැදුන්කර්නි අගෝස්තු 11 2010

63 සාක්ෂි අංක 1: අරියාලේ 2010 නොවැම්බර් 11

ඛන්දවාලෙයිහි දි සාක්ෂි දුන් එක් සාක්ෂිකාරියක් 2009 මැයි 18 වන දින රජයට බාර වු පසු අතුරුදහන් වු තැනැත්තන් අතර තම පුතා පමණක් නොව පුජකවරයෙක් හා ඔහු සමග භාර වු තරුණියන් කිහිප දෙනෙක් හා අත දරුවෙක් ද සිටි බව කියා සිටියේය. කොමසාරිස්වරුන් විසින් මෙම සාක්ෂිකරුවන් ගෙන් රජයට භාර වු එල් ටි ටි ඊ නායකයින් අත් අඩංගුවට පත් පසු අතුරුදහන් විම පිළිබඳ සිද්ධීන් ට වගකිව යුතු යුද්ධ හමුදා නිලධාරීන් හදුනා ගැනිමට අවශ්‍ය ආකාරයේ ප‍්‍රශ්න කිරිම් දක්නට නොලැබින.

කන්දවාලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය: සාක්ෂි අංක 3:64

සාක්ෂිකාරිය:2009 මැයි 17 වන දා අපි රැදි සිටියේ මුලතිව් හි වඩුවායිකල් ප‍්‍රදේශයේ. 18 වනදා උදැසන 10.00 ට පමණ යුද්ධ හමුදාව ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් නිවේදනයක් නිකුත් කරමින් එල් ටි ටි ඊ සංවිධානය සමග සම්බන්ධකම් තිබු සියළු දෙනාටම තමන් වෙත භාර වෙන ලෙස දැනුම් දුන්නා. පුජ්‍ය ප‍්‍රැන්සිස් හා පුජ්‍ය රෙජිනොල්ඞ් යන දෙදෙනා වඩුවායිකල් හි සිටි මගේ ළමයි හතර දෙනාත් ඇතුළුව එල් ටි ටි ඊ සම්බන්ධකම් තිබු තැනැත්තන් සමග ගොස් රජයට භාර වුන හැටි මම ඇස් දෙකින් දැක්කා.

සභාපති: ප‍්‍රැන්සිස් පියතුමා දැන් කෝ?

සාක්ෂිකාරිය: මමත් එයාව හොයනවා කොහේ ඉන්නවාද දන්නේ නැහැ


සභාපති: රෙජිනොල්ඞ් පියතුමා කෝ?

සාක්ෂිකාරිය: මම එයාවත් හොයනවා. ඔවුන් කොහේ දැයි මා දන්නේ නැහැ.


සභාපති: ඔබේ දරුවන් ඉන්නේ කොහේ ද කියා ඔබට යම් අදහසක් තිබෙනවාද?

සාක්ෂිකාරිය: මමත් හොයනවා.එහෙත් තව ම ආරංචියක් නැහ. මම හුදකලා වෙලා ඉන්නේ. මම හැම තැනම හොයනවා ඒත් තවම දරුවන් හමු වුනේ නැහ. මම හිතනවා ඔබෙන් මට සතුටුදායක පිළිතුරක් ලැබේයැයි කියා. අඩුම තරමින් අනාගත පරපුරවත් සාමයෙන් ජිවත් විය යුතුයි. මම මුදල්වත්, ඉඩම් හෝ දේපළ ඉල්ලන්නේ නැහ. මගේ එකම වස්තුව වුනේ දරුවන්. ඒ අය මට ලබා දෙන්න. වැඩිමහල් දරුවා, එයා එල් ටි ටි ඊ සාමාජිකයෙක් නිසා වරදක් කර තිබෙනවා නම් හොයලා බලලා දඩුවම් දෙන්න. ඒත් අනික් පොඩි ළමයින් එල් ටි ටි ඊ සාමාජිකයින් නොවෙයි. ඇයි ඒ කුඩා ළමයින් පියතුමා සමග යුද්ධ හමුදා විසින් අත් අඩංගුවට ගත්තේ.

සභාපති: ඔවුන් ගේ වයස කීයද?

සාක්ෂිකාරිය: බෑනාට 32 යි. දුවට 29යි. ළමයි ඉපදුනේ 2006 දි.

සභාපති: ඒ අයත් භාර දුන්නාද?

සාක්ෂිකාරිය: මුළු පවුලම අත් අඩංගුවට ගත්තා. ප‍්‍රැන්සිස් පියතුමා බෑනායි දුවයි ළමයි
දෙන්නායි අර ගෙන ගියා. මම පියතුමාට ආයාචනය කළා ළමයිව තියලා යන්න කියලා.

64 සැසිවාරය: කන්දවාල් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය 2010 සැප්තැම්බර් 19

නමුත් පියතුමා කිව්වා මුළු පවුලම භාර වෙන්න ඹ්නෑ කියලා ළමයින් ගේ අත් දෙකෙන් අල්ලා ගෙන ගිහින් පියතුමා එක්කම යුද්ධ හමුදාවට භාර වුනා.

සභාපති: ප‍්‍රැන්සිස් පියතුමා ගේ පල්ලිය තියෙන්නේ කොහෙද?

සාක්ෂිකාරිය: මම එයාව දන්නේ නැහ. මම එයාව දැක්කේ භාර වෙන්න යන වෙලාවේ.


සභාපති: ඔබේ බෑනා සහ ප‍්‍රැන්සිස් පියතුමා අතර තිබුන සම්බන්ධය මොකක්ද?

සාක්ෂිකාරිය: මගේ බෑනා එල් ටි ටි ඊ සාමාජිකයෙක්. ඔවුන් බස් රථ දහසයකින් ගෙන ගියා. ඔවුන් මුලතිව් හා පිහිටි වඩුවාල් හි සිට ප‍්‍රධාන පාරට ගෙන ගියා. බෑනා එල් ටි ටි ඊ බස් එකේ හිටියා. නමුත් දුව හා ළමයි ඒ බස් එකේ හිටියේ නැහ. ඔවුන් ප‍්‍රැන්සිස් පියතුමා සමග ගියා. පස්සේ ‘හොස්ටල් ’ එකේ හිටපු කාන්තාවක් මට කිව්වා ප‍්‍රැන්සිස් පියතුමාව රෝහළට ගෙන ගියා කියලා. මම ප‍්‍රැන්සිස් පියතුමා පළමු වරට දැක්කේ මගේ පවුල යුද්ධ හමුදාවට භාර දෙන්න ආපු වෙලාවේ. වවුනියාවේ තියෙනවා පොයිකුලම් දේවාලය කියලා දේවාලයක්. එතන මොන්ටිසෝරියක් තියෙනවා. ඒකේ ගුරුතුමීය මට කිව්වා එයා දැක්කා කියලා ප‍්‍රැන්සිස් පියතුමා යුද්ධ හමුදාව විසින් රෝහළට ගෙන යනවා. ඒ ගුරුතමීය මට කිව්වා එයාට ප‍්‍රැන්සිස් පියතුමාට කථා කරන්න ඹ්නෑ වුනත් යුද්ධ හමුදාව හිටිය නිසා බයට කථා කළේ නැහැ කියලා.

සභාපති: හොඳයි අපි ඒ ගැන හොයලා බලන්නම්.

By – www.yukthiya.com