Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

BJ 590

උදුරාගත්ත සොයුරන්
සඟවාගත්ත මිතුරන්
ඉඳුල් බත් වෙනුවෙන්
පාවාදුන්න බැලයන්

එලවා සටන් සගයන්
උදුරා පෑන් පින්සල්
උගුල්ලා අබිමන්
හීලෑකළ හපුටු කතුවන්

පොළුගසා හිස්
පළා මද කා හදවත්
මැටියෙන් අඹාගත්
පිළිම මැද වැජඹෙනා මැරයන්

දත් නැති උසාවිත්
ලැජ්ජා නැති පොලීසිත්
අතර කොඳු ඇති සගයන්
දරා දිරිගෙන තාම අසිපත්

ඔව් වසර හතරක්
කළු ජනේරුම හතරක් !
අතක් ඔසවා කෑ ගසන්නට
අහසක් අහිමි මිනිසෙක්මි
මම්……….

ඉදින් සොයුරනි
‘කළු ජනේරුව’ කියන වදන ම
ඇතැම්විට මා බියෙන් සසලයි.
‘‘කළුනං අල්ලලා
අපුල්ලාපියව් ඔය ජනේරුව සුදුවෙන්ඩ……!’’
සිය ඇපිල්ලූම් ඇනියට
කොයිවෙලේ අණදෙයිද
මහරජාණන්?

Sanath Balasooriyaසනත් බාලසූරිය | Sanath Balasooriya
ජනවාරි 2013