”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි ය කියලා. ඒක කරන අය තුළ යම් ගතිගුණ ප්‍රමාණයක් තියෙන්න ඕන, ඒක දිගටම කරගෙන යන්න සහ ඒකට කැප වෙන්නත්, ඒකෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන නොලබන්නත්. අන්න ඒ කාරණය සදහා අනාගතයේ දී යම් කිසි ආදර්ශවත් මනුස්සයෙක් අපට හමු වෙනවා නම් ඒ හමු වෙන ‘මිනිසා‘ සරත් ප්‍රනාන්දු තුළ අද ඉන්නවා., සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්…..”

සරත් ප්‍රනාන්දු සහෝදරයා පසුගිය 7වනදා සවස අපෙන් සමුගත්තේ ය. ඔහු අපෙන් සමුගන්නා විට 72වන වියේ පසු විය. සරත් ප්‍රනාන්දු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරැ සිසුවෙකුව සිටියදී 71 කැරැල්ලට සම්බන්ධ වූ අතර, 71 කැරැල්ලෙන් පසුව විශේෂයෙන් ගොවි ජනතාව ඒ වන විට මුහුණ දෙමින් සිටි බරපතල කරැණු පිළිබදව‍ සැලකිලිමත් වෙමින් සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ ප්‍රභල ක්‍රියාකාරිකයෙක් බවට පත් විය.

ඉන්පසු රාජ්‍ය නොවන ක්ෂේත්‍ර ෙය් ක්‍රියාකාරීකයෙක් මෙන්ම විකල්ප අදහස් දරන විද්වතෙක් බවට ලංකාවේ මෙන්ම කලාපීය වශයෙනුත් සම්භාවනාවට පත් වූ අතර ඉන් ඔහුගේ ම මූලිකත්වයෙන් ඇරඹි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ(MONLAR) ප්‍රධානියා ලෙස ලංකාව තුළ මෙන්ම ඉන් පිටත සමාජ ව්‍යාපාරයන්ට දුන් දායකත්වය ඉතා ප්‍රභල එකකි. ගොවියා, මහපොලව, වස විසෙන් තොර ආහාර, පාරිසරික ගොවිතැන වැනි ක්ෂේත්‍ර පිළිබදව ඔහු දැරැ විකල්ප අදහස් සහ ඒ තුළින් මතු කල ‘යහපත් ලෝකයක්‘ පිළිබද ව වන ඉතාමත් ප්‍රභල මතවාදයන් මිනිසාත්, සතා සිව්පාවත්, මහපොලවත් වඩා යහපත් තැනකට ගොඩනගන ඒවා විය. ඒහි සුවිශේෂත්වය වන්නේ ඔහු දැරැ අදහස් වෙනුවෙන් ඔහු සත්‍ය ලෙසම පෙනී සිටීමය. ඒ වෙනුවෙන් ජීවිතය පුරාම වෙහෙස වී වැඩ කිරීමය.

 ජේ්‍ය්ෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
ජේ්‍ය්ෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා

ඒ මිනිසා, සරත් ප්‍රනාන්දු පිළිබදව ඔහුගේ ම සමකාලිනයෙකු වූ ජේ්‍ය්ෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා, ‘විකල්ප’වෙබ් අඩවිය හා සම්බන්ධ කරගනු ලබන්නේ සරත් ප්‍රනාන්දු, සමාජ ක්‍රියාකාරීකයා, වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයා පිළිබදව මතකය මෙන්ම ඔහුගේ භාවිතාව පිළිබදව විමසා බලන්නටය. ඒ සරත් ප්‍රනාන්දු නම් මිනිසාට ගෞරව පිණිසය.