”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි ගෙයින් ගෙට ගිහින් ජන්දදායකයින්ට ජන්ද දාන්න කියලා තමා මේ ආණ්ඩුව ගෙන ආවේ. නමුත් ලැජ්ජයි කියන්න මේ වෙනකම් මේ ආණ්ඩුව බලපෑමට ලක්වු කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරලා නැහැ. නමුත් අපි නොගිය තැනක් නැහැ අපේ දරුවන්ව හොයාගෙන. ආමි එකද, නේවි එකද, ඒ ඔක්කොටම ගියා. අන්තිමේදි ජනාධිපතිව හමුවෙන්න පුදුම උත්සහයක් දැරුවා ඒත් මේ වෙනකම් ඒ අවස්ථාව අපට ලැබුනේ නැහැ. එයින් පසුව උතුරු නැගෙනහිර පිඩාවට පත්වු ජනතාව හැටියට සංකේතාමත්මක සත්‍යග‍්‍රහයක් පටන් ගත්තා. ඒකටත් කිසිම උත්තරයක් මේ රජය විසින් තාමත් දුන්නේ නැහැ.” යැයි සිය ආදරණියන් ඉල්ලා උපවාසය කරන ත්‍රිකුණාමළයේ කදිරවේලු මුරුගේසු ‘විකල්ප‘ වෙබ් අඩවිය හා එක්වෙමින් පැවසීය.


අතුරුදන් කරන ලද සිය ආදරණියන් ඉල්ලා ත්‍රීකුණාමලයේ ආණ්ඩුකාර නිළ නිවස ඉදිරිපට ආරම්භ කර ඇති උපවාසයට අදට දින 82කකි. නමුත් යහපාලන ආණ්ඩුවේ කිසිදු බලධාරියෙක් මේ දක්වාද ඔවුන් ට කිසිදු පිළිතුරක් දී නැති බව ඔවුන් පවසයි. ඒ පිළිබදව තව දුරටත් අදහස් දක්වන කදිරවේලු මුරුගේසු,

පුදුම දුකක් විදලා . සම්බන්දන් මහත්තයා හමුවුණේ. | අපේ ලමයි මරා දාපු එවුන්, දැනුත් අපේ ඇස් ඉදිරියේ සැරිසරනවා, මේ මොහොතෙත්.

කියන්න ලැජ්ජයි විපක්ෂ නායකතුමා, අග‍්‍රමාත්‍යතුමා, ජනාධිපති මේ කිසිම කෙනෙක්, කිසිම දෙයක් ප‍්‍රකාශ කරලා හෝ උත්තරයක් දීලා නැහැ. මෙතැනට එන සිි.අයි.ඩි මහත්වරු අපෙන් අහනවා තමා උත්තරයක් දුන්නේ නැද්ද කියලා. ඇත්තටම අපිට ඒ අය සමඟ කතා බහක් නැහැ. අපිට ඕන ජනාධිපති හමුවන්න. මාධ්‍යවලිනුත් අපි ඉල්ලන්නේ අපිට ජනාධිපති තුමා ව හෝ අග‍්‍රාමත්‍යතුමාව හමුවන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. අපි ලඟ තොරතුරු තියෙනවා මේ සිටින ලමුන් ජිවතුන් අතර සිටිනවා කියලා. අවශ්‍ය වෙලාවට අපි ඒවා එලියට දානවා. අපි දකිනවා අපේ ළමයින්ව උස්සපු එවුන්. අපේ ලමයි වෙනුවෙන් කප්පම් ගත්ත එවුන්. අපේ ලමයි මරා දාපු එවුන්, දැනුත් අපේ ඇස් ඉදිරියේ සැරිසරනවා, මේ මොහොතෙත්. අපි මේ සියල්ල කිව්වත් මේ රජයේ කිසිම කෙනෙක් මේ සඳහා අවධානය දෙන්න යොමුවෙලා නැහැ.

එක එක කොමිසන් වලට අපි සහභාගි වනවා නමුත් කිසිදු ප‍්‍රයෝජනයක් අපිට නැහැ. මේ සියළු කොමිසන් සභා ගෙන එන්නේ, අපේ ප‍්‍රශ්ණ අවුරුදු ගනනක් ඇද ඇද ඉන්නයි, වෙන මොකකටවත් නෙමෙයි. උන් අපෙන් ඇවිත් අහනවා කොච්චරක් අතුරුදහන් වෙලා තියෙනවාද කියලා. අපි දන්නවාද? ඒක.. ආණ්ඩුව තමා උන්ව මැරුවේ. පසුගිය ආණ්ඩුවේ උන් ලඟ තමා ඒවායේ ගණන් හිලව් ඇත්තේ. ඒ කාලේ අපිට එලියට එන්න බැහැ. උන් අපිවත් මරනවා. නමුත් දැන් තත්ත්වය වෙනස් අපිට අපේ ප‍්‍රශ්නය කියන්න පුළුවන්. නමුත් අපට දෙමල එම්.පී.ලා එක්කෙනෙක්වත් උදව් කරලා නැහැ මේ වැඩ වලට. පුදුම දුකක් විදලා . සම්බන්දන් මහත්තයා හමුවුණේ. දැන් මාස ගණනාවකට පෙර ඔහු පොරොන්නදු වුණා, ජනාධිපති තුමාව හමුවන්න අවස්ථාවක් අරන් දෙන්නම් කියලා. එතකොට වෙනත් සංවිධානත් මෙතනට ඇවිල්ලා බොරු පොරොන්නදු දිලා යනවා. අවසාන වශයෙන් අප බලාපොරොත්ත වන්නේ අගමැති සහ ජනාධිපති තුමන්ලාව හමුවන්නයි. අපිට අපි ළඟ තියෙන තොරතුරු පෙන්නන්න. අපේ දරුවන්ට මොකද වුණේ කියලා. හැබැයි අපට ඒක පිළිගත හැකි ක‍්‍රමවේදයකට. කවුද මේක කෙරුවේ. කාගේ උවමනාවට මේක සිදුවුණේ කියලා දැන ගන්න ඕන. අපි ඉලන්නේ අලාභහානි වලට මුදල් නෙමේ. අපේ දරුවන්ට මොකද කෙරුවේ කියන එකයි.

@VIKALPA