Update | 02.48PM

‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත.

මේ පහරදීම පිළිබදව මේ වන විට එහි සංවිධායකයින් විසින් එප්පාවල පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් තිබේ.

##

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවති වැඩසටහනට මැර පිරිසක් සමග පැමිණී තලාව ප්‍රදේශීය සභා, මංත්‍රී වසන්ත බණ්ඩාර සහ උතුරැ මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරක වරයෙක් යැයි කියා ගන්නා උදිත ප්‍රනාන්දු ඇතුලු මැර පිරිසක් විසින් මීට සුලු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද උදෑසන සිට සාමකාමී අයුරැන් පැවති එම විරෝධය අවසාන වනවාත් සමග මැර පිරිසක් සමග පැමිණි එම ප්‍රාදේශීය මැර දේශපාලකයා ඇතුලු පිරිසක් විසින් ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට පහර දී තිබේ. පසුව විශාල පිරිසක් එම ස්ථානයට රැස්වීමෙන් පසු මේ වන විට එම මැර පිරිස පළා යමින් තිබේ.

වැඩිදුර තොරතුරැ ඉක්මනින් විකල්ප තුළින්..