‘අපි ඔක්කොම එකම ලේ‘ ‘විවිධයි ඒත් සමානයි‘ යන පාඨයන් මුල් කර ගනිමින් ඊයේ(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයේදී සිංහ ලේ යැයි හදුන්වමින් එම විරොධයට කඩා වැදුනු මැර කල්ලිය, විවිධ අයුරින් තර්ජනය කරන විට, ඉන් පැයකට පමණ පසු ශ්‍රී ලංකා පොලීසියේ, ප්‍රදේශය භාර යැයි පවසමින් පැමිණි පොළිස් අධිකාරීවරයා ‘මැරයින්‘ නොව සාමකාමීව බිම වාඩිලාගෙන නිහඩ විරෝධයේ යෙදුනු පිරිස විසුරුවා හැරීමට ගත් උත්සහයක් ‘විකල්ප‘ කැමරාවේ සටහන් විය.

‘මෙතන, පොළිසියට දැනුම් දිමක් නොකර මෙතෙන්ට ඇවිල්ලා, රැස්වෙලා තියෙන්නේ………..‘ ආදී වශයෙන් තර්ජනාත්මකව කියවා ගෙන ගියේ ය. ඔහුට අනුව කිසියම් පිරිසක් සාමකාමී විරෝධයක් පැවැත්වීමේදී පොලීසියෙන් ‘අවසර‘ ගත යුතුය. ඒ පුරුද්ද පැමිණ ඇත්තේ රාජපක්ෂ පාලනයෙන් විය යුතුය. එසේත් නැතිනම් ජනතාවට විරෝධය දැක්වීමේ අයිතියක් හිමි බව ඔහු දන්නේ නැත. දැන ගෙනසිටියා උනත් ‘සිංහ ලේ‘ නිසා යටපත් කර ගත්තා විය හැකිය. කෙසේ නමුත් එම නිහඩ විරෝධය පැවැත්වෙන බව ඊට දින 2කකට කලින් අදාළ පොළිස් ස්ථානය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එසේ තිබිය දී මැරයින්, එම සාමකාමී නිහඩ විරෝධයට කඩා වැදී පැයකට අධික කාලයක් යන තෙක් පොලීසිය නොපැමිණියේ තවමත් පොලීසිය පාලනය කරන්නේ රාජපක්ෂවරුන් යැයි හිනෙන් මෙන් සිතා ගෙන විය යුතුය. එසේත් නැති නම් ‘යහපාලනය‘ ගැන අලුතින් පත්වුනු ‘පූජිත‘ පොලිස්පතිවරයාවත් ඔහුට කියා දී නැත.

බලන්න..(මුල් තත්පර කිහිපය) ඔහුගේ හැසීරිම, මේ ‘යහපාලන‘ ආණ්ඩුව සංහිදියාව පිළිබද සාකච්ඡා කරන අතරතුර කාලයකදී වන සිදුවීමක්…

සංහිදියාවෙන් උපරිම ප්‍රයෝජන ලංකාවේ ජනතාවට අත්කර දෙන්න නම් මේ ජාතිවාදී, ලේ පිපාසිත මෙවැනි මැරයන් වහාම බැද තැබිය යුතුවා සේම, රාජපක්ෂ සමයේ මෙන් ශ්‍රී ලංකා පොළිසිය විසින් ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමමින් මර්දනය කරන්නට සූදානම් වන්නේ නම් වහාම පොලීසියද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සරිලන ලෙස වෙනස් කළ යුතුය.

මෙය ලංකාවේ ජාතික ධජය යැයි පාරම් බාමින්, විකෘතිකරන ලද කොඩියක් රැගෙන සිටින මැරයින්ගේ ජාතිවාදී අදහස්වලට රැකවරණය දෙන පොලීසිය

IMAG5015

IMAG0049

සැබැදි සටහන්

‘සිංහ ලේ‘ කියා ගන්නා මැරයින් සාමකාමී විරෝධතාවයට කඩා පනී(Video)