iMAGE: Vikalpa

ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර ප්‍රාන්තවල ගවය මරා දැමිම දඩුවම් ලැබිය හැකි වරදක්ද වේ.එලෙස ගවයන් ඝාතනය කිරිම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙන් සමස්ත ඉන්දියාවට බලාත්මක වන පරිදි නීතියක් පැනවිමට එරට හින්දුවාදීන් උත්සාහ කල නමුත් එය අසාර්ථක විය. ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් පිරිසක් 2017 ජුනි 08 ඉදිරිපත් කරන ලද පෙත්සමට ඉදිරිපත් කරමින් සඳහන් කරේ ගව ඝාතනය තහනම් කිරිම තුළින් තමන් ආහාරයට ගත යුත්තෙ කවරක්ද යන්න පිළිබඳව තීරණය කිරිමේ අයිතියට එමඟින් බලපෑම් එල්ලවන බව‍ය. ඒ අනුව එරට අගවිනිසුරු වු ජග්දිශ් සිංග් ගව ඝාතනය තහනම් කිරිම පිළිබඳව පැනවු නීතිය තාවකාලික අත් හිටවු අතර වැඩිදුර  තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එකි ලෙස ගව ඝාතනය තහනම් කිරිම තුළින් එරට මස් කර්මාන්තයට හා හම් කර්මාන්තයට එය ප්‍රබල පහරක් වන බවත් නව නීති පැණවිම තුළින් ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවත් ය.

ඉන්දියාවේ මුස්ලිම් ,කතෝලික හා දලිත් ජනයාගේ ප්‍රධානතම ආහාරයක් ලෙස ගව මස් සැලකේ. නමුත් එරට බහුතර හින්දු ජාතිකයන් ගවයන් දේවත්වයෙන් අදහන බැවින් නිරන්තරයෙන් ගවමස් කන සහ නොකන පිරිස් අතර කෝලාහල සිදුවේ. අගමැති නරේන්ද්‍ර මෝඩි  නායකත්වය දරණ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ශය 2014  බලයට පැමිණිමත් සමඟ මෙම ගැටුම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගිය අතර ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානාත්මක පිරිස් ශක්තිමත්ව ගව මස් ආහාරයට ගන්න පිරිස් වෙත පහර දිමටත්, ඝාතනය කිරිමට හා දුෂණය කිරිම කටයුතු කරන්නට විය. 2010-2017 කාල සිමාව තුළ මෙම  ගව ඝාතනය විරුද්ධ විමේ මුවාවෙන් ගවයින් ආරක්ශකයන් ලෙස පෙනි සිටින පිරිස් විසින් ඝාතන 28ක්ද පහරදිම් 128ක් ද සිදු කර ඇත.මෙම ගව ආරක්ෂක අන්තවාදීන්ගෙ මුලික ඉලක්ක වනුයේ මුස්ලිම් සහ දලිත් ප්‍රජාවය.ගවයන් ආරක්ෂා කරගැනිමේ අභිප්‍රායෙන් මොහුන් විසින් ඉන්දියාව පුරා ගවමස් කන පිරිස් හා ගව ඝාතනකයන් හට ප්‍රහාර එල්ල කිරිම ක්‍රමයෙන් ඉහල යන බැවින් 2017 දි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් සෑම දිස්ත්‍රික්කයකටම ගව ආරක්ෂකයින් ලෙස පෙනි සිටින මොවුන්ගේ ප්‍රචණ්ඩත්වය වැලක්විම පිණිස ඒ සම්බන්ධ ක්‍රියාත්මක විමට පොලිස් නිලධාරිවරයෙකු පත් කිරිමට තීන්දු කරන ලදි.

ඉන්දියාව තුළ මෙකී ගව ඝාතනය විරුද්ධ නැගි සිටින පිරිස්  ප්‍රකාශ කර ඇත්තෙ ඔහුන් විසින් හින්දු භක්තිකයන්ගේ ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් ගව ඝාතකයන් හා ගව මස් ආහාරයට ගන්නට විරුද්ධව පොලිසියේ මැදිහත් විම ප්‍රමාණවත් නොවන බවත්ය.  මෙම ගව ආරක්ෂක පිරිස් සඳහා  පහසුවන පරිදි ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල නීතී සැකසි ඇති බවටද චෝදනා එල්ල වේ.මේ අතර 2016 දි භාරත ජනතා පක්ෂය විසින් හර්යානා හී දී මෙම ගව ආරක්ෂක  පිරිස් හට හැදුනුම්පතක් ලබා දිමට තීරණය කළ නමුත් එය ඔවුන්ගේ තොරතුරු රැස් කිරිමෙන් පමණක් එය සිමාවිය.BBC චෝදනා කරන අන්දමට මෙම  ගව ආරක්ෂක පිරිස් අතරින් බොහො දෙනෙකු භාරතීය ජනතා පක්ෂය මව් සංවිධානය වන රාශ්ට්‍රියා ස්වයං ස්වාක් සංගම් විසින් සංවිධානය කරන පුහුණු කරන ලද පිරිස් බවය.එසේම 2015  බිහාර් ව්‍යවස්ථාදායක සභා සඳහා වන මැතිවරණයේ දි භාරතීය ජනතා පක්ෂය දේශපාලන නායකයකු වන සුශිල් කුමාර් මෝදි පවසා සිටියේ එම මැතිවරණය ගවමස් අනුභව කරන හා ගවයන් ඝාතනය කරන අයට විරුද්ධව කරන සටනක් බවය.රජය විසින් මෙලෙස වක්‍රවම මෙම ගව ආරක්ෂක පිරිස් දිරිමත් කරයි.එයට හොඳම උදාහරණයක් ලෙස 2012 දි හර්යානා වලදි සංවිධානය වුණ හො රාක්ෂාක් දල් හැදින්විය හැක.ඔහුන් විශ්වාස කරනු ලබන්නේ ඔවුන් රජයේ කාර්යයක් කරන බවත් නීතිය ආරක්ෂා කරන බවත්,ඔවුන්ට රජයේ ආශිර්වාදය ඇති බවටත් ය.මෙවැනින් වාතාවරණ තුළ ගව ඝාතන තහනම් ඉවතලන මෙන් විවිධ පිරිස් විසින් අධිකරණ වෙත පැමිණිලි කර ඇත. ඉන් ප්‍රකට නඩු කිහිපයක් මෙසේය.

Mohammed Abdul Faheem Qureshi Vs Union of india, 2017 මෙහිදී පෙත්සම්කරු අභියාචනයේදි කියා සිටියේ සතුන් පුජා කිරිමට ආගමික භාවිතයට ඇති නිදහසට එරෙහිව සහ ආහාර සඳහා සතුන් ඝාතනය කිරිම සපුරා තහනම් කිරිම තුළින් පුරවැසියන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සහතික කර ඇති ආගමික නිදහස,හෘද සාක්ෂියේ නිදහස හා පුද්ගලික නිදහස උල්ලංඝණය වි ඇති බවය.

Hanif Qureshi Vs State of Bihar මෙහිදි පෙත්සම්කරු කියා සිටියේ නමස්කාර කිරිමේ නිදහස , වෙලදාම් කිරිමේ නිදහස හා රැකියාවක් කිරිම සඳහා ඇති අයිතිය උල්ලංඝණය  වි ඇති බවත් සම්පුර්ණ තහනම සාමාන්‍ය ජනතාවට යහපත් නොවන බවත් ය.

මෙලෙස ගව ඝාතනය කිරිම නීතිය තුළ විවිධ පැතිවලට දෝලනය වන ආන්දෝලනයට ලක්වන ගැටලුවක් බවට පත් විය.කෙසේ නමුත් ඉන්දියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෘෂිකාර්මික හා කිරි නිෂ්පාදනයට හවුල් කරගන්නා සතුන් ආරක්ෂා කිරිමට ඉන්දිය රජය නීතිමය වශයෙන් බැඳී පවති. එය එසේ වුවද එය තවත් පසකින් ඉන්දියාවේ පුරවැසියන් පිරිසකගේ අයිතිවාසිකම් ද උල්ලංඝණය වන ප්‍රශ්නයක් බවට පත් වි ඇත.මේ සියලුම කරුණු කාරණා මත ඉන්දියාව තුළ ගව ඝාතන තහනම සමස්ත ඉන්දියාවට වලංගු නොවන බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබිය.ඒ අනුව ගව ඝාතනය ඉන්දියාවේ යම් යම් ප්‍රාන්ත තුළ දඩුවම් ලැබිය හැකි වරදක් සේම අනෙකුත් ප්‍රාන්තවල එකී ලෙස තහනමක් නොමැත.නමුත් එරට බහුතරයක් වන හින්දුවාදීන් ගේ පිරිස් විසින් ගව ඝාතනය කිරිම හා ආහාරයට ගන්න පිරිස් වෙත සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් සිටියි.

සුජාත්‍රෝ ඝෝෂ් විසින් ඉන්දියාවේ ගවයන්ට වඩා ඉන්දියාවේ ගැහැණුන්ගේ තත්ත්වය පහත්ද යැයි ප්‍රශ්න කරමින් ගන්න ලද ජායාරූප වලින් උපුටා ගන්න ලද ජායාරූපයකි.)

වර්තමානයේ ශ්‍රි ලංකාවද ගව ඝාතනය තහනම් කිරිමට සුදානම් වේ .මෙය සමාජීය හා ආර්ථිකමය, නීතිමය අවකාශ තුළ කෙලෙස බලපෑමක් ඇති වන්නේ ද යන්න අධ්‍යනය කිරිම ඉතා වැදගත්ය. සමාජ ජාල තුළ හරක් මස් ආහාරයට ගන්න පිරිස් සදහා බහුතරයක් එල්ල කරන ප්‍රතිචාර  යහපත් නොවේ. නමුත් අප තේරුම් ගත යුතු දෙයක් ඇත එනම් යම් පුද්ගලයෙකුගේ ආහාර රටාව තවත් අයෙකුට විවේචනය කිරිමට හෝ ඔහුගේ ආහාර රටාව මත වෛරි ප්‍රකාශන සිදු කිරිමටත්, පිලිකුල් කිරිමටත් අයිතියක් කිසිවෙකුටත් නොමැති වග.ගව මස් ආහාරයට ගැනිම පුද්ගලික රුචිය මත පදනම් වන කරුණකි.ගව ඝාතනය හා ගව මස් ආහාරයට ගැනිම  පිලිපදව ප්‍රශ්නයට පිලිතුරු සෙවිම ඉතා දුෂ්කර වන අතර තම තමන් අන් අයගේ අයිතිවාසිකම් හට ගරු කිරිමට කටයුතු කල යුතුය.යම් අයෙකුට ගව මස් යනු ආහාර ප්‍රභවයක් විය හැක.තවත් අයෙකුට එසේ නොවි එය ජිවිතයක්ද විය හැක.එසේම ගව ඝාතනය පිටු දැකිමෙ මුණුවරින් ඉන්දියාවේ මෙන් ප්‍රචණ්ඩ ක්‍රියා අප රට තුල සිදු නොවිමට වග බලා යුතුය. අප රටේද ගව ඝාතනය තහනම් කිරිම සැබෑ අවශ්‍යතාවය දේශපාලනිකව බෙදිමකට තුඩු දිය හැකි කරුණක් නොවේද ? හෙට දිනයේ මැතිවරණ වේදිකාව  තුළ ගව මස් කන හා නොකන පිරිස් ලෙස නව බෙදිමක් ඇති විමේ ඉඩ අප විසින් වලක්වා ගත යුතුය.

සරලව පැවසුව හොත් ගව මස් ආහාරයට ගැනිම හා ගවයින් ඝාතනය ආගමික හා දේශපාලනික ස්වරූපයක් ගැනමට  ඇති ඉඩ ප්‍රස්ථාව බුද්ධිමත් වැසියන් වශයෙන් අප වලක්වා නොගත හොත් එහි ප්‍රතිඵල ඉතා භයානක නොවන්නෙද ?

රියෝ සගාරොක්ස් | Rio Sagaarox