සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් දිනය 2010 – මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස බලකරමින් කොළඹදී උද්ඝෝෂණ


විශ්ව මානව හිමිකම් දිනය සමරණ(?) අද දිනයේදී මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස රජයට බලකරමින් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් බලකරමින් අද(10) ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ දෙකක් එකම වේලාවේදී පැවැත්වී ය.

එක් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ නිදහසේ වේදකාවයි. එයට එම සංවිධානයේ ක්‍රියාකාරීන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායකත් සහභාගී වි සිටි අතර අතුරුදහන් වුවන්ගේ ඥතීන් විශාල පිරිසක් ද එයට සහභාගී වී අතුරුදහන් කරන ලද තම සමීපතමයින් වහාම සොයා දෙන ලෙස බල කර සිටියේය. එසේම ඔවුන් රජයට බල කර සිටියේ මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙසත්, විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් ය.

ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ උද්ඝෝෂනයත් ලිප්ටන් වටරවුමේම අනෙක් කෙලවරේ පැවැත් වීය. එම උද්ඝෝෂණයට අනෝමා ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ මන්ත්‍රිවරු මෙන්ම ක්‍රියාකාරීන් ද සහභාගීවී සිටියේය. එහිදී ඔවුන් සිරගත කර සිටින හිටපු හමුදාපති වහාම නිදහස් කරන ලෙසත්, විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, අධිකරණයේ ස්වාධීනත්වය වහා ස්ථාපිත කරන ලෙසත් සහ මාධ්‍යවේදීන්ට එල්ල කරන ප්‍රහාර වහා නවතා දමන ලෙසත් බලකරමින් උද්ඝෝෂණයේ යෙදිනි.

කෙසේ වෙතත් මානව හිමිකම් දිනයේදී මෙම උද්ඝෝෂණ දෙකම සංවිධානය කර තිබුණේ ව්‍යාපාර දෙකකින් වුවත් දක්නට තිබුණු කරුණ නම් ඔවුන්ගේ සටන් පාට බොහෝ සෙයින් සමාන බවය. ඔවුන්ගේ ඉල්ලීම් බොහෝ සෙයින් සමාන බවය. නමුත් ලාංකීය බලදේශපාලනයේ තරම කියාපාමින් සහ ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා දිනවීම සඳහා එක්ව කටයුතු කල මෙම ව්‍යාපාර අද සමාන සටන්පාඨ සහිත පුවරු ගනිමින් මානව හිමිකම් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනේ මීටර් 10ක පමණ දුරකින් වෙනස්වය.

එබැවින් මේ වෙනස ලංකාවේ මානව හිමිකම් සඳහා ද නැතහොත් බලය(මෙහිදී බලය යන්න භාවිතා කළේ ඉතා පුඑල් ලෙස බව අවධානයට ගන්න) සඳහා ද යන්න සිතිමට ලංකාවේ පුරවැසියන්ට(ඉන්නා ටික දෙනාට හරි) බාරය.

නිදහසේ වේදකාවේ උද්ඝෝෂණයේ ඡායාරූප

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය සංවිධානය කර තිබූ උද්ඝෝෂනයේ ඡායාරූප