Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

Image001

Image010

Image023

Image075

Image056

Image0771

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ මෙසේ පළ කරමු.
(මෙම තොරතුරුGroundviews ,වෙබ් අඩවිය ලබා ගෙන ඇත්තේ ‛විදුර’ නම් Tweeter බවත්, සත්‍ය ද නැති ද බව තක්සේරු කළ නොහැකි වුවත් පහත දැක්වෙන කරුණු සිදුවෙමින් පවතින බව වාර්තා විය.)

සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වයන් නිසා මැනික්ෆාම් කඳවුර ඉතාමත් අවධානම් තත්වයකට පත් වී ඇති බවත් ගංවතුරෙන් හානි වූ මැනික්ෆාම් කඳවුර සහ එහි ජන ජීවිතය පිළිබද වාර්තා කිරිමට කිසිදු මාධ්‍යකට අවසර ලබා නොතිබූ බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

විශේෂයෙන් 4 සහ 5 කලාප දරුණු දුෂ්කරතායන්ට පත්වෙමින් ඇත. සමහර වාර්තාවලට අනුව එහි ජනයා පාසල්, රෝහල් වෙත් යවමින් තිබෙන බවත් මෙම යවන පිරිස ප්‍රමාණයෙන් ඉතාමත් අධික නිසා දුෂ්කරතා රැසකට එම ජනයාට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.
අධික සුළං තත්වය නිසා කූඩාරම්වල වහවල් ගැලවී ගොස් ඇත. එසේම මාර්ග බොහොමයක් ජලයෙන් යටවීම නිසා අධාර කණ්ඩායම්වල වාහනවලට එම ස්ථානවලට ළගාවීමට අපහසු තත්වයක් උදා වී ඇත.

වැසිකිලි වලවල් වලට ජලය කාන්දූ වීම නිසා ඒවා උතුරාගොස් ප්‍රදේශයම දුර්ගන්ධයෙන් පිරි ඇති බව වාර්තා විය. දින දෙකකට වැඩි කාලයක් 4 සහ 5 කලාපවල සරණාගත ජනයා සඳහා අහාර සහ වතුර කිසිවක් ලැබී නොමැති බවත්, එම කලාපවල කූඩාරම්වල සිමෙන්ති පොළවල් නොමැති නිසා ඔවුන්ට මේ වන විට නිදා ගැනීමට ද නොහැකි තත්වයක් උදා වී ඇතැයි වාර්තාවේ.

එසේම එම ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීම බාරව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට බවත්, ඔවුන් මාස ගණනකින් එම නඩත්තු කටයුතු සිදුකර නොමැති බවත් වාර්තාවන අතර සෑම වර්ථාවකින්ම පෙන්නුම් කරන්නේ මැනික්ෆාම් කඳවුර සහ එහි පරිසරය දිනෙන් දින නරක අතට හැරෙන බවයි.

උපුටා ගැනීම.http://www.groundviews.org/2009/08/16/update-on-menik-camp-flooding-more-images-and-reports-from-the-ground/