සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance

‘‘අධ්‍යාපනය වල පල්ලට-මහින්ද චින්තනය කෝ?‘‘ මහවැසි නොතකා දහස් ගණනක් කොළඹට


විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය[FUTA] විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් ඊයේ(23) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. මෙම රැලියට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරැන් මෙන්ම, වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු දහස් ගණනක් සහභාගී විය. පිරිස හයිඩ් පිටියට පැමිණියේ දැවැන්ත පෙළපාලි දෙකක් මගිනි. එක් විරෝධතා පෙළපාලියක් නෙලුම් පොකුණ යැයි රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හදුන්වන කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවත අසලින් ආරම්භ වූ අතර, අනෙක් පෙළපාලිය ගංගාරාම විහාරය අසලින් ආරම්භ විය. මෙම දැවැන්ත විරෝධතාවයේ මූලිකම සටන් පාඨය වූයේ රාජ්‍ය අයවැයෙන් අධ්‍යාපනය සදහා වැය කරන ගණන සියයට 6 දක්වා වැඩි කිරීමත්, ‘රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු’ යන්න යි.

මෙම සරසවි ඇදුරන්ගේ වර්ජනයට දින 50කට වඩා වැඩි කාලයක් ගතවෙමින් තිබියදී එම දැවැන්ත රැලිය පැවැත්වූ අතර මහවැසි නොතකා දහස් ගණනක් ජනතාව එයට සහභාගී විය. විශාල පිරිසක් මෙම රැලියට සහභාගීවීම හේතුවෙන් පොලීසිය එම අවස්ථාවේදී හයිඩිපිටිය අසල සියලුම මාර්ග වසා දැමූ අතර පසුව එම ප්‍රදේශයේ ගමනා ගමනය ද සම්පූර්ණයෙන් අඩාලවිය.

‘රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු. ජාතික ආදායමෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කරනු‘ යන ප්‍රධාන තේමාව යටතේ වූ එම රැලිය ආරම්භ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේ, ‘‘කුමන අර්ථයෙන් ගත්තත් මෙය ඉතාම වැදගත් රැළියක්. මේ පාගමනෙ අපි එන අවස්තාවෙදී මට ආරංචි උනා අපගේ මිත‍්‍ර අමාත්‍ය එස්.බී. දිසානායක ඇමතිතුමා ප‍්‍රකාශ කරලා තියනවා කියලා ලංකාවේ විපක්ෂයට සටන්පාඨ නැති නිසා විශ්ව විද්‍යාල අචාර්‍යවරුන්වත් එකතුකරගෙන ඒ අයගේ සටන්පාඨය සොරාගෙන ඒ අයගේ සටන්පාඨය ඒ අයගේ අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීමට දියත් තිබෙන ව්‍යාපාරයක්ය මෙය කියලා. මම හිතන්නේ එතුමා ඒ කියන දේ තුළම මේ ව්‍යාපාරයේ අර්ථය ගැබ්වෙලා තිබෙනවා. විපක්ෂයට සටන්පාඨ නෑ ඒ නිසා මේ සටන්පාඨය අරගෙන තියනවා යැයි කියන එකෙන් මොකද්ද අදහස් වෙන්නේ, මේ සටන් පාඨය ඒ තරම් සියලූ දෙනාටම මේ ආණ්ඩුවට විරුද්ධව පාවිච්චිකිරීමට තරම් වටින සටන්පාඨයක් ය කියන සටන්පාඨයක් ය කියන අදහස තමා එතුමා කියන්නේ. අපි එතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා විපක්ෂය විසින් ඒ සටන්පාඨය පැහැරගෙන තිබෙනවා නම් අපි ඉත්මත් කැමැත්තෙන් විපක්ෂයෙන් ඒ සටන්පාඨය අරගෙන එතුමන්ලාට බාරදීමට කැමතියි. කරුණාකරලා ඒ අභියෝගය බාර ගන්න. එවැනි ලේබල් ඇලවීමට යම් කිසි කෙනෙක් උත්සහ දරනවා නම් එතුමන්ලා වහාම කළ යුත්තේ මේ හයිඞ්පාක් පිට්ටනියට පැමිණ මෙතනට ඇස් යොමුකොට බැලීම පමණයි. මෙය කිසිම පක්ෂයකට, කිසිම ගුරැකුලයකට අයිති ව්‍යාපාරයක් නෙවෙයි මෙය මනුෂයින්ට අයිති ව්‍යාපාරයක්. සාධාරණ සමාජයක්, සාධාරණ අනාගතයක් ප්‍රාර්ථනා කරන සැමගේ සිහිනය, සැමගේ අපේක්ෂාව නියෝජනය කරන ව්‍යාපාරයක්. අධ්‍යාපනය කියන්නේ සියල්ල. අධ්‍යාපානය කියන්නේ ඉස්කෝලෙකට ගිහින් අකුරැ ඉගෙන ගන්න අයගේ ප්‍රශ්ණයක් පමණක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ ශිෂ්ඨාචාරය. අධ්‍යාපනය කියන්නෙ යහපත් පුරවැසිභාවය. අධ්‍යාපනය කියන්නේ අනාගතය, මණුෂ්‍යත්වය.(මෙම සම්පූර්ණ කතාව සදහා පහත වීඩියෝව වෙත පිවිසෙන්න)

විරෝධතා පා ගමනේදී හඬනැගූ සටන්පාඨ කහිපයක්

‘ස්වාසිලන්තෙත් 7.1% – ශ්‍රී ලංකා 1.3 %’

‘මහින්ද ලොක්කට – එන්න කියාපිය
එස් බී ගොනාට- එන්න කියාපිය
බන්දුල මැට්ටට – එන්න කියාපිය
මේවට උත්තර – දෙන්න කියාපිය’

එම විරෝධතාවයේ සුවිශේෂී අවස්ථා ‘විකල්ප“ කැමරාවට හසු වූයේ මෙසේය.


සම්පූර්ණ ඡායාරෑප සටහන

Full Video
[youtube]http://www.youtube.com/watch?v=XJsWuadIZRw&feature=plcp[/youtube]


Picture by:
Selvaraj Rajasegar|www.vikalpa.org

@VIKALPA[Vikalpa is Sri Lankan Citizen Journalism Initiative]