Anuradhapura, Featured Articles, Features

අතුරුදහන්කිරීම් සහ පැහැරගෙනයෑම් නවතනු!(Photos|Video]


‘‘අපි කල්පනා කලා පහුගිය වකවානුව තුළ උතුරේ යුද්ධය අවසාන වනවාත් එක්කම විශාල පිරිසක් දෙමව්පියන්ගේ දරුවන් අතුරුදහන් උනා. අදවෙනකොටත් ඔවුන් ජීවත්ව ඉන්නවාද නැද්ද කියන එකත් ඒ මිනිස්සු දන්නේ නෑ.මේ හඩා වැටීම්වලට, මේ බලාපොරොත්තුවල රුදි තිබෙන වේදනාව දුක් කදුල මේ රටේ වගකිවයුත්තන්ගේ යුතුකමක් හාවගකීමක්. ැනෙක් එක තමයි පහුගිය දවස්වල එලූවො කපනවා කියලා හාමුදුරුවො බොහෝ දෙනෙක් ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා. පාරෙ ඉද ගන්නවා. ඒකත් ඒ කියන්නෙ එලූවො කපන එකත් නරක වැඩක් තමයි. හැබැයි ඊටත් වඩා මිනිස් ජීවිත අහිමි වීම නරකයිනේ.’’ මෙසේ ප‍්‍රකාශ කලේ බැදිවැවේ දියසේන හිමියන්ය.

ඒ පසුගිය අගෝස්තු 30 වනදා වව්නියාව නගරයේදී පැවති අතුරුදහන්කිරීම වලට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීමේ විරෝධතා ව්‍යාපාරයක ට එක් වෙමිනි. එම විරෝධතාවයට සහ රැළියට අතුරැදහන්වූවන්ගේ සමීපතමයින් මෙන්ම පූජ්‍ය සහ පූජක පක්ෂය, සිවිල් සංවිධාන සහ අතුරැදහන්කිරීම්වලට විරැද්ධ පුරවැසියන් විශාල පිරිසක් සහභාගීවී සිටියේ ය.

මේ එම විරරෝධතාවය සහ රුළිය පිළිබදව ඡායාරූප සහ වීඩියෝ සටහනයි

[youtube]http://www.youtube.com/watch?v=bTMtmfs0Jx8&feature=plcp[/youtube]