සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම : ‘පහර දුන්නේ නිළ අපරාධ කරැවන්’ නීතිඥයින් විරෝධතාවයක


‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම් වෙන්න එපා. එහෙම උනොත් අපි අඛණ්ඩව මේ අරගලය කරනවා. දැනට සැළසුම් කරලා තිබෙනවා කුඩුකාරයෙක් ගෙනැල්ලා, කුඩු කාරයා දුරකථනය සමග ඉදිරිපත් කරන්න සූදානමක් තියනවා. අපි බය නැතුව කියනවා මේ ප්‍රහාරය නිල අපරාධ කරැවන් විසින් කළේ. පහර දුන්නේ නිළ අපරාධ කරැවන්. නිළ අපරාධකරැවන් පහරදීමේ වගකීම රජය භාර ගත යුතුයි. එම වගකීම මගඅරින්න රජයට යුතුකමක් නෑ. එවගේම මේ සාහසික අපරාධ කරැවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එවගේම ඒ අපරාධ කරැවන්ට උපදෙස් දුන් සියලු දෙනා හෙළි කළ යුතුයි.’ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙසේ ප්‍රකාශ කළේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට සන්නද්ධ පිරිසක් විසින් ඊයේ(07) ගල්කිස්ස ප්‍රදේශයේදී පහර දී තියුණු ආයුධයකින් තුවාල සිදු කරමින් ඔහු රෝහල් ගත කළ පසු එයට විරෝදය දක්වමින් නිතීඥයින් ඇතුලු විශාල පිරිසක් අද උදෑසන කොළඹ අධිකරණ සංකීර්ණය අසලදී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදීය.

මෙම විරෝධතාවය පැවැත් වූ අද(08) දිනයේදී ලංකාවේ සියලු අධිකරණ සිය අධිකරණ කටයුතු වලින් බැහැර වීම සුවිශේෂී සිදුවීමක් වූ අතර කොළඹ අධිකරණයේ කලු කොඩි ඔසවා එයට විරෝධය දක්වනු දක්නට ලැබී ය. කෙසේ නමුත් අද දින පවත්වන ලද මෙම විරොධතාවයේදී මීනී පෙට්ටියක් රැගෙන සිය විරෝධය දක්වා සිටි නීතිඥයින් ඇතුලු පිරිස පසුව එයට ගිණි තබා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් එයට බලපෑම් නොකරන ලෙසත් අවදාරණය කරමින් විශේෂයෙන් මංජුල තිලකරත්න, ලේකම් වරයාට පහර දුන් අයව ඉතා ඉක්මනින් නීතිය ඉදිරියට පමුණුවන ලෙස බලකර සිටියේ ය.

එම විරෝධතාවයේ දී ජේ්‍ය්ෂ්ඨ නීතිඥ ජේ. සී. වැළිඅමුණ, ජේ්‍ය්ෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් මහත්වරැන් අදහස් දැක්වූ අතර එහි සියලු අවස්ථා ‘විකල්ප‘ කැමරාවේ සටහන් වූයේ මෙසේ ය.

ඡායාරෑප සටහන්

වීඩියෝ සටහන්

[youtube]http://youtu.be/iHZcB3rE7ps[/youtube]