Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

මහින්ද, ඔබාමාට සුභපැතීම හෙවත් ඊනියා විරෝධයේ ආතල් එක

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් බැරක් ඔබාමා සිය ඡන්ද පදනම තවත් වැඩි කරගනිමින් නැවත වරක් ජනාධිපති ලෙස පත් විය. අද වන විට ඔබාමාට ලොව නන්දෙසින් සුබපැතුම් ගලාගෙන එන බව විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටියි. හාස්‍යට කරැණ නම් ඒ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිත් සිය සුභ පැතුම් යවා තිබීමය.

එහි හාස්‍ය නම්, පසුගිය මාර්තු 27වන දින ජීනීවා හි පැවැත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය සදහා ඇමරිකාව විසින් ගෙන එනු ලැබූ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට විරැද්ධව සිය පාක්ෂීකයින් මෙන්ම ඊනියා දේශප්‍රේමීන් චූන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයටත්, එහි ජනාධිපති ඔබාමාටත් විරැද්ධව දැවැන්ත විරෝධයක් කොළඹ කෙන්ද්‍රකර ගනිමින් මෙහෙය වීමයි.(නමුත් එහිදී ඇමෙරිකාව විසින් සිය යෝජනාව ඉල්ලා අස්කරගත්තේවත් නැති අතර, එය ජිනීවා හීදී වැඩි ඡන්දයෙන් සම්මත ද විය) එහෙව් මහින්ද ජනාධිපතිවරයා දැන් ඔබාමාට සුභපැතුම් යැවීමෙන් හාස්‍යටත් එහා යමින් මහින්ද ගේ දේශපාලන නිරැවත්භාවය යළිත් මතු කරමින් තිබේ.(එහි තවත් දෙයක් ඇත. එනම්, මර්දනකාරී පාලකයා සෑම විටම ජිවත්වන්නේ බියෙනි.)

එම උද්ඝෝෂණවල ඊනියා දේශප්‍රේමීන් මෙන්ම යුද උන්මාදයෙන් චූන් කළ ජනයා උද්ඝෝෂණවලදී කිවු එක් සටන් පාඨයක් වූයේ ‛‛එන මැතිවරණයෙදී ඔබාමාට යන්න වෙනවා’’ යනුවෙනි. ඒ පසුගිය පෙබරවාරි 27 වනදා ය. එපමණක්ද නොවේ, ‘ඇමෙරිකන් බඩු වර්ජනය කරවු‘, ‘ඇමෙරිකන් පිටි අපට එපා‘, ‘ගූගල් අපට එපා‘ කියා බිත්තියක්, පාරක්, ගලක් නෑර අදිමින් විරෝධය දැක්වී ය.

එසේ සිය විරොධය පළකල මහින්ද ජනාධිපතිවරයා ඇතුලු ඊනියා දේශප්‍රේමීනුත්, ජිනීවා යෝජනාවලට විරැද්ධව සිය ලිංමැඩි මාධ්‍ය ක්‍රියාවළිය හොදින්ම කළ බොහෝ මාධ්‍යත් අද ඇමරිකාව සහ ජනාධිපති ඔබාමා පිළිබදව දක්වන සැළකිල්ල පිළිබදව රෑපමය සටහනකි.

මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු ජනාධිපති ඔබාමාට යැවූ සුභ පැතුම් පණිවිඩයයි.
[@www.dailymirror.lk]

මේ පසුගිය පෙබරවාරියේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඊනියා දේශප්‍රෙමීන් ඇමෙරිකාවටත්, ජනාධිපති ඔබාමාටත් දැක්වූ විරොධතාවයේ ඡායාරෑප සටහන ය.

මේ අද(08) දිණමින ඇතුලු සිංහල පුවත් පත් බැරක් ඔබාමා පිළිබදව දක්වා ඇති සටහන්.


[ඇමෙරිකාවටත්, එක්සත් ජාතීන්ගේ යෝජනාවලටත් විරැද්ධව පසුගිය පෙබරවාරි 27 දා පැවැත්වූ උද්ඝෝෂණයෙන් අනතුරැව පෙබරවාරි 28 වනදා දිණමින පුවත්පත වාර්තා කර තිබූ අයුරැ]

ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාවට දසතින් විරෝධය

අනුර ප්‍රේමලාල් හා උපාලි කරුණාරත්න

විදේශ ආක්‍රමණ හා කුමන්ත්‍රණවලට එරෙහිව රටට හිතැති ශ්‍රී ලාංකික ජනතාව සිංහධජ ඔසවාගෙන ජනපවුරක් සේ ඊයේ (27) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එක්රොක් වූහ.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්මේලනයට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයක් ඉකුත් යුද සමයේ අවසන් භාගයේ දී යුද අපරාධ සිදු වූ බවට ලියැවිල්ලක් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වමින් මේ උද්ඝෝෂණය පැවැත්විණි.

(සම්පූර්ණයෙන් කියවන්න)

එම විරෝධතාවයේ දී දිණමින ඡායාරෑපය

මේ අද(08) අනෙක් පුවත්පත්පත් වල මුල් පිටුයි

මේ පසුගිය පෙබරවාරි මාසයේ පැවත් වූ විරෝධතාවල සම්පූර්ණ ඡායාරැප සටහන්ය