සිංහල, Colombo, Human Rights, Human Security, Life quips

පොළීසියේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කොළඹ කොටුවේ අද උද්ඝොෂණයක්

මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්ණම් සිවකුමාර්(26) නම් තරුණයාට පසුගිය දා පොළිස් නිළධාරීන් විසින් පොලුවලින් පහරදී මරා දැමීමේ තිරිසන් සිදුවීමට එරෙහිව අද(4) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගණේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණයි.

කෙසේ වෙතත් මේ වනවිට හිටපු පොළිස්පතිවරයා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති මහින්ද බාලසූරිය මහතා නව පොළිස්පතිවරයා ලෙස පත්ව සිටියි. ඔහු ලංකාවේ 32වන පොළිස්පති වරයායි.