‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය ගැන මොකද කියන්න තියෙන්නේ කියලා. එයා කිව්වා ‘නෑ මේක TV WAR එකක් විතරයි, ඇත්ත ලෝකෙ වෙලා නෑ මුකුත්‘ කියලා. ඒ වගේ මට අනුව වැලිවේරිය සිදුවීම කියලා කියන්නේ මාධ්‍ය වල සිදු වීමක්, ඒ කියන්නේ, මාධ්‍ය විසින් මවපු Virtual Reality ලෝකයේ සිදුවීමක්. ඇයි මම එහෙම කියන්නේ, උතුරේ බලය බෙදා හැරීම කියන සිදු වීමට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනකොට එම සිදුවීම යම් ආකාරයකට ඇත්ත ලෝකයේ සිදුවෙන්නේ නැති සිදුවීමක් බවට පත්කිරීම සදහා කරන ලද මෙහෙයුමක්. ඒක ඇත්තටම කියනවා නම් මතවාදී මෙහෙයුමක් කියලා අපට කියන්න පුලුවන්. ඒ මතවාදී මෙහෙයුම සාර්ථක උනා.‘‘ යැයි වැලිවෙරිය සංහාරය පිළිබදව, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ, දීප්ති කුමාර ගුණරත්න මහතා, සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, මෙය උතුරේ බලය බෙදීම කියන ක්‍රියාවලියට තිබෙන අවධානය වෙනත් මාර්ගයකට හැරවීම සදහා ගත් උත්සහයක් බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසී ය.

[Deepthi Kumara Gunarathne | Image Credit: gdineshm]
[Deepthi Kumara Gunarathne | Image Credit: gdineshm]

‘‘දැන් දැන ගත යුතු දෙයක් තමයි මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට ලංකාවේ දේශපාලන බලය දුන්නේ ඇයි මිනිස්සු. අන්න ඒක කල්පනා කරා නම් මේ ප්‍රශ්ණයට උත්තරේ එනවා. ඒ තමයි චන්ද්‍රිකා බණ්ඩාරණායකට ‍වෙනකන් රටේ, උතුරේ ප්‍රශ්ණයක් තිබුණා. ඒක දේශපාලන ප්‍රශ්ණයක් හැටියට තමයි කවුරැත් ඒක ඒ කාලේ තේරැම් ගත්තේ. ඒ නිසා ඒකට අදාල සාම වැඩපිළිවෙලවල්, සාකච්ඡා ඔක්කොම ගියා. නමුත් ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ මුල් කාලයේදී කිව්වේ මේක සාකච්ඡාවෙන් සාමයෙන් විසද ගන්නවා කියලා. හැබැයි අපි දන්නවා භෞතික බලවේගයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික ව්‍යාපාරය තමයි දකුණේ ජාතිවාදය සංවිධානය කරේ. එතකොට ඒ අය තමයි මහින්ද රාජපක්ෂව, උතුරේ ප්‍රශ්ණය දේශපාලන ප්‍රශ්ණයක් නෙවෙයි, මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් කියලා එතෙන්ට යොමු කරවලා, ඒක ඉවර කරා. ඊට පස්සේ මිනිස්සුන්ට ඒක දේශපාලන ප්‍රශ්ණයක් නෙවේ. ඒක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක්. නමුත් ලංකාවේ සිංහල ජනයාට මේක දේශපාලන ප්‍රශ්ණයක් නොවුනාට, යුද්ධයට ආධාර කරපු භාහිර බලවේගවලට මේක දේශපාලන ප්‍රශ්ණයක්. ඒ අය ඒ නිසා කියලා තියනවා උතුරේ ඡන්දය තිබිය යුතුයි කියලා. එතකොට ඒක හැන්ඩ්ල් කරන්න තමයි මම හිතන්නේ වැලිවේරිය වගේ සිදුවීමක් සිදු උනේ. ඒක හරහා කරන්නේ සංඛේතාත්මක වශයෙන් බලය බෙදීම කියන ක්‍රියාවලියට තියන අවධානය, මුස්ලිම් පල්ලි සහ විවිධ උපක්‍රම හරහා ඒ අවධානය මාරැ වෙනවා. යැයි ඔහු පැවසී ය. ‘‘ කෙසේ නමුත් උතුරේ දී දෙමළ මිනිසුන් දහස් ගණනක් මරා දමද්දී ඒවා සාධාරණීකරණය කරමින් සිටි දකුණේ බොහෝ මාධ්‍ය, වැලිවේරියේදී වතුර ඉල්ලා විරෝධය දැක්වූ ජනයාට හමුදාව වෙඩි තැබීම පිළිබදව සිය පත්තර පිටු ගණනින්, ගුවන්විදුලි සහ රෑපවාහිනි සිය ගුවන් කාලයෙන් සෑහෙන කාලයක් වෙන් කළේය. ඒ දකුණේ සිංහල ජනයාගේ ඛේදවාචකය වාර්තා කිරීමටය. ඒ පිළිබදව ද අදහස් දක්වමින් දීප්ති කුමාර ගුණරත්න මහතා පවසා සිටියේ, ‘‘දැන් මේ ප්‍රශ්ණය ජාතිවාදයට සම්බන්ධයි. ලංකාවේ මාධ්‍ය කාරයෝ කියලා කියන්නේ ජාතිවාදියෝ‘‘….. මෙම සාකච්ඡාවේ සම්පූර්ණ සටහන සදහා පහත වීඩියෝවට පිවිසෙන්න.

###
[@Weliweriya Photo courtesy : Colombo Telegraph]