සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි:

vikslp 1
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව ඔහු මෙලොවින් සදහටම සමු ගත්තේය.

ලසන්ත ඝාතනය කර අදට වසරකි. නමුත් මේ වන විටත් කිසිදු බලධාරියෙකුට ඔහුව ඝාතනය කල කිසිවෙකුත් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වී තිබේ. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පවමසන පරිදි ලොවම මවිත කළ එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් විනාශ කරන්නට හැකි ආරක්ෂක අංශයක් සහ දේශපාලකයන් ඇති රටක මහ දවල් අධිආරක්ෂක කලාපයකදී මිනිසෙකු ඝාතනය කර පලායන කිසිවෙකුත් අත්ඩංගුවට ගැනීමට නොහැකි වීම මහත් පුදුමයකි. එසේම ආයුධ රැගෙන ආරක්ෂක මුර කපොලුවලින් රිංගා යාමට මේ ඝාතකයන්ට හැකි වන්නේ කෙසේද?

පසුගිය වසරේ දී ලසන්ත ඝාතනය සේම විශාල මාධ්‍යවේදීන් පිරිසකට තර්ජනයන් වලට මුහුණපෑමට සිදුවිය. ඒ කිසිදු ක්‍රියාවක් කළ සන්නද්ධ කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට නොහැකිවිම පුදුමයට කරුණකි.