සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Media

ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.

1

7

3

4

6

5

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට අධික කාලයක් මෙම ‛නිහඬ විරෝධය’ පැවැත්වීය.

‛‛ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසරක් ගෙවෙන අද දින අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ එක්තරා අධිෂ්ඨානයකින්. මෙම ඝාතනයේ වරදකරුවන් නීතියේ හමුවට ගෙනෙන අතරම මෙවැනි ඝාතන සිද්ධනොවීමට වගකිවයුතු සමාජයක් ඇතිකිරීමේ අධිශ්ඨානයත් එක්ක. දැනට අවුරුද්දක් ගතවෙලත් මේ දක්වා කිසිම අපරාධකාරයෙක් නීතිය හමුවට ගේන්න හැකියාවක් ලැබිලා නෑ. ඒ නිසා ලසන්තගේ ඝාතකයන් නීතිය හමුවට ගෙන ඒමට බලකරන ලෙස ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.’’මේ නිහඬ විරෝධයේදී අදහස් දැක්වූ නීතිඥ ජේ. සී. වැළිඅමුණ මහතා පැවසීය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට එරෙහි මෙම විරෝධය දැක්වීමට සිවිල් සංවිධාන ගනනාවක් එක්ව සිටි අතර මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා,
‛‛අද අපි මේ එකතුවෙලා ඉන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට විරෝධය දැක්වීමටයි. අපි සාමාන්‍ය පුරවැසියෝ අපි මෙතෙනට ඇවිල්ලා තියෙන්නේ පොදුවේ පෙන්වන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන කියලා. මානව හිමිකම් සුරක්ෂිත කරන්න ඕන කියලා. අනෙක් දේ තමයි යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.’’