සෞඛ්‍ය සේවයේ හෙද-පරිපූරක හා අතුරැ වෛද්‍ය වෘත්තීමය සේවාවන්ට බලපා ඇති උසස්වීම්, දීමනා හා වැටුප් විෂමතා අර්බුදයට විසදුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන්ට බළ කෙරෙන ‘‘සංඛේතාත්මක විරෝධතාවයක්‘‘ එම වෘත්තීන්ගේ විධායක සභිකයෝ අද(23) දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත් වූ අතර එම විරෝධතාවය ‘‘විකල්ප‘‘ වෙබ් අඩවියේ ඡායාරෑප ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ අයුරැ පහත දැක්වෙයි.

ප්‍රශ්ණවලට විසදුම් නොදී වාරණ පැනවීමට ක්‍රියාකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වෘත්තීය සමිති විරෝධී වැඩපිළිවෙල පිළිබදච ‘‘වාරණයද?-විසදුම්ද?‘‘ යන තේමාව යටතේ වෘත්තීය සමිති නිළධාරීන් විසින් සංඛේතාත්මක නිහඩ විරෝධයක් ලෙස මෙය පැවැත්වෙන බව එහිදී බෙදා හැරැණු පත්‍රිකාවක සදහන් වී තිබිණි.

මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ හෙද-පරිපූරක- අතුරැ වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසිනි.