සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ජෙනරාල් සරත් ෆොන්සේකා සිටින හෝටලය හමුදාව වටලයි.

ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ජනරාල් සිටින හෝටලය වටලා ඇත්තේ එහි සිටින හමුදාව හැර ගිය පිරිසක් අත්අඩංගුවට ගැනීමට බවත්ය.

ඔවුන් මේ වන විටත් හෝටලයට යන එන වාහන පරීක්ෂා කරමින් සිටියි.