ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව එහිදී පවසා සිටින ලද්දේ බොදු බල සේනා වැනි සංවිධානවලට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්වන බවයි. ‘සියලු ජාතීන් අතර සමගිය තහවරැ කරනු‘ / ‘සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි සමගිය තහවරැ කරනු‘ / ‘ෆර්දාවට අවමන් කිරීම හෙළා දකිමු‘ වැනි විරෝධතා පුවරැ රැගෙන ඔවුන් විරෝධතාවය පැවැත් වූ බවත් වාර්තා වන අතර පසුව ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ද භාර දෙන ලදී.

එම විරෝධතාවය පිළිබද ඡායාරෑප කිහිපයක් එහි සිටි ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයෙක් අප වෙත එවා ඇති අතර පහතින් ඒවා පළකරමු.

unnamed  f

unnamed d

unnamed f

unnamed j

unnamed
[image BY: Ashraff.A.Samad]