සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

දරුවන් සමඟ කතා කිරීමට ඉඩ සලසන තෙක්, ජෙනරාල්ගේ ආහාර වර්ජනය දිගටම..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසීය.
එයට විරෝධය දැක්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 7 දා සිට ආහාර වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ඇය වැඩි දුරටත් පවසා සිටියා ය.

නමුත් ඊයේ වන විට වාර්තා වූයේ ආරක්ෂක අංශය විසින් ජෙනරාල් වරයාට ඔහුගේ දරුවන් ඇමතීම සඳහා දුරකථනයක් ලබා දුන්නත් ජෙනරාල්වරයා එය ප්‍රතික්ෂේප කළ බවයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ඔහුට ගෙදරින් ගෙන යන දුරකථනයෙන් කතා කිරිමට ඉඩ ලබා දීම තව දුරටත් සිදු නොකලහොත් දැනට ගනු ලබන දියර වර්ගත් නතර කර දමා වර්ජනය කරන බවයි.