සිංහල, Colombo, Democracy, Election, Governance, Human Rights, Media, News

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්න. සී.ඇම්.ඊ.වී

ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්නා ලෙස සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරයාම වැළැක්වීමට කටයුතු කරන මෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මෙන් ම අදාළ බලධාරීන්ගෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (මැ.ප්‍ර.නි.ම) නැවත නැවතත් ඉල්ලා සිටී.

2010 මාර්තු 29 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානය මෙස් දන්වා සිටියි.

එම නිවේදනය පහත සිද්ධින් පිළිබදව වැඩිදරටත් ෙමෙස් සදහන් කරයි.

මැ.ප්‍ර.නි.ම නිකවැරටිය ක්‍ෂේත්‍ර නිරීක්‍ෂකට බාධා කිරීම

ඊයේ දිනයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන අංක 5 හි මැ.ප්‍ර.නි.ම නිකවැරටිය ක්‍ෂේත්‍ර නිරීක්‍ෂකට අයත් කැමරාව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳ වාර්තා කරන ලදි. එම අවස්ථාවේ මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක, පහරදීමට ලක් වූ එ.ජා.ප පක්ෂ කාර්යාලයක් ඡායාරූප ගනිමින් සිට ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක විසින් MOIB 270/44 යටතේ නිකවැරටිය පොලිස් ස්ථානයට ඊයේ පස්වරු 7.30ට පමණ පැමිණිල්ලක් ගොණුකර ඇත. මේ සම්බන්ධව පොලීසියෙන් විමසීිමේදී වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකර ගෙන යන බවත්, සිද්ධියට සම්බන්ධ කිසිවෙකු හඳුනා ගෙන නොමැති බවත්, මැ.ප්‍ර.නි.මට ප්‍රකාශ කරන ලදි.

මාර්තු 29 වන දින මේ සම්බන්ධයෙන් එ.ජ.නි.ස අපේක්‍ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් මැ.ප්‍ර.නි.ම විසින් කරුණු විමසා සිටින ලදි. තමන් අද දින නිකවැරටියෙන් බැහැරව සිටින බවද මේ කාරණය සම්බන්ධයෙන් තමා පැමිණි පසු සොයා බලන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදි. මෙම සිද්ධිය යටපත් කිරීමට දරණු ලබන උත්සාහයන් මැ.ප්‍ර.නි.ම විසින් දැඩි ලෙස හෙළා දකින අතර, අපක්‍ෂපාති සහ ඉක්මන් පරීක්‍ෂණයක් මේ කරුණ සම්බන්ධයෙන් පවත්වන ලෙස සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

නින්දවූර් හී එ.ජ.නි.ස වේදීකාවට ගිනි තැබීම

නින්දවූර් හි ප්‍රධාන වීදියේ එ.ජ.නි.ස රැස්වීමක් සඳහා ඉදිකර තිබූ වේදිකාවට එ.ජා.ප ආධාරකරුවන් විසින් අද පෙරවරු 10.30 ට පමණ ගිනි තැබූ බවට චෝදනා කරනු ලබන සිදුවීමක් මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක විසින් වාර්තා කරන ලදි.
මෙ සම්බන්ධයෙන් මැ.ප්‍ර.නි.ම වර්තමාන ජලසම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය සහ එ.ජ.නි.ස අපේක්‍ෂක ඒ.එල්.එම් අතාවුල්ලා (අංක 02) ගෙන් විමසන ලදි. එ.ජා.ප ආධාරකරුවන් 400 ක් පමණ මෙම සිද්ධියට සම්බන්ධ වූ බවත් වේදිකාව කඩාදැමූ ඔවුන් සැරසිලි සහ ලී බඩුවලට ගිනි තැබූ බවත් ඔහු ප්‍රකාශ කරන ලදි. එ.ජා.ප අපේක්‍ෂක ෆයිසාල් කාසිම් (අංක 08)ගේ පෞද්ගලික ලේකම් එම්.ඒ.ජිනාගෙන් මේ පිළිබඳව මැ.ප්‍ර.නි.ම විමසා සිටින ලදි. අදාළ පහරදීමට ඔවුන් සම්බන්ධ නොමැති බවත්, මෙවැනි පහරදීම් දැඩි ලෙස හෙළා දකින බවත්, ඔහු ප්‍රකාශ කර සිටියේය. පහරදීමෙන් පසු රැස්වීම සඳහා ආරක්ක්‍ෂාව සැලසීමට විශේෂ කාර්‍යය බලකාය යොදවා තිබූ බව මැ.ප්‍ර.නි.මට දැන ගන්නට ලැබුණි.

තිස්සමහරාමයේ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ පක්‍ෂ කාර්යාලවලට පහරදීම

අද පෙරවරු 1.00ට පමණ කැබ් රථයකින් හා කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තිස්සමහාරාමයේ ඉදිකර තිබූ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාල දෙකකට පහරදී ඇති බව මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක වාර්තා කර සිටින ලදි. මේ සම්බන්ධයෙන් මැ.ප්‍ර.නි.ම විසින් ප්‍ර.ජා.ස ආධාරකරුවකු වන වී.කේ.සුනිල් මහතා ගෙන් මැ.ප්‍ර.නි.ම විමසා සිටින ලදි. පහරදීම නිල් බලකාය විසින් සිදු කළ බවද, ඔවුන් ගිනි අවි රැගෙන සිටි බවද චෝදනා කර සිටින ලදි. ඔහුට අනුව පැමිණි පිරිස අහස දෙසට තෙවරක් වෙඩි තබා ඇත. මැ.ප්‍ර.නි.ම මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසියෙන් විමසා සිටින ලදි. නම හෙළි කිරීමට අකමැති වු නිලධාරියෙක් අදාළ සිදුවීම තහවුරු කළ අතර ප්‍ර.ජා.ස වෙතින් මේ සම්බන්ධව පැමිණිලි තුනක් (3) ක් ලැබී ඇති බවද ප්‍රකාශ කරන ලදි. වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතින බවද, ඔහු තවදුරටත් මැ.ප්‍ර.නි.මට ප්‍රකාශ කරන ලදි.

එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර ගැටුම්

මාර්තු 29 වැනි දින එ.ජ.නි.ස පාර්ශ්වයක් වන ජාතික නිදහස් පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා බලකායේ සංවිධායිකා ආර්.එම්.එස් සුනේත්‍රා මැණිකේ මැ.ප්‍ර.නි.මට පැමිණිලි කර සිටියේ වර්තමාන පශූ සම්පත් හා සංවර්ධන අමාත්‍ය සහ එ.ජනි.ස. අපේක්‍ෂක සී.බී.රත්නායක (අංක 2) ගේ ආධාරකරුවන් පිරිසක් විසින් හරස්බැද්ද මොරබැද්ද පිහිටි ප්‍රජා ශාලාවේ පැවති කාන්තා ක්‍රියාකාරී කමිටු රැස්වීමට බාධා සිදු කළ බවයි. අද දහවල් 12.00 පමණ සමෘධි නිළධාරියකු වන අජන්ත ලෙසින් දන්නා එච්.ආනන්ද හෙට්ටිගේ විසින් මෙහෙයවන ලද කණ්ඩායමක් මෙම බාධා කිරීම සිදුකර ඇත. මැ.ප්‍ර.නි.ම මේ සම්බන්ධයෙන් වලපනේ පොලිස් ස්ථානය විමසා සිටින ලදි. නම හෙළිකිරීමට අකමැති පොලිස් නිළධාරියකු අදාළ සිදුවීම තහවුරු කළ අතර ආර්.එම්.එස්.සුනේත්‍රා මැණිකේ විසින් EIB 161/76 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇති බවට ප්‍රකාශ කරන ලදි.

මේ සම්බන්ධව සි.බී. රත්නායක මහතාගෙන් විමසීමට උත්සාහ දැරුව ද එය සාර්ථක නොවීය.

ආණමඩුව

ආණමඩුවේ එ.ජ.නි.ස ආධාරකරුවන් කණ්ඩායම් දෙකක් අතර ඇති වු ගැටුමක් පිළිබඳ තොරතුරු මැ.ප්‍ර.නි.ම ට වාර්තා වී ඇත. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිගේ රියැදුරු ඩබ්ලිව්.ඒ.චමින්දට 26 වැනි දින එ.ජ.නි.ස අපේක්‍ෂක ප්‍රියංකර ජයරත්න (අංක 09) විසින් ආඩිගමුව මදුවන්කුලමේදි පහර දී ඇත. චමින්ද මහතා පහර කෑමට ලක් වන විට සනත් නිශාන්ත පදනම මගින් පල්ලියකට ප්‍රදානය කළ ශබ්ද විකාශන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් සිට ඇත.

එයට ප්‍රතිප්‍රහාර දීමක් ජගත් සමන්ත සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් ආඩිගම ගල්කුලිය හන්දිය අසලදී මාර්තු 27 වැනි දින සිදු කර ඇත. ප්‍රියංකර ජයරත්නගේ ආධාරකරුවන් තිදෙනකු පහර කෑමෙන් තුවාල ලබා ඇති අතර එ.ජ.නි.ස අපේක්‍ෂකයකු වන ඒ.එම්. නිහාල් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. මෙම සිද්ධිය සම්බන්දයෙන් MOIB 210/199 යටතේ පැමිණිල්ලක් පල්ලම පොලිස් ස්ථානය වෙත චමින්ද මහතා විසින් සිදුකර ඇති බව මැ.ප්‍ර.නි.මට වාර්තා වේ. ආණමඩුව පොලිස් ස්ථානයේ මැතිවරණ අංශයේ පොලිස් ස්ථානාධිපති එන්.ඩී.සරත් මහතාගෙන් මේ පිළිබඳ විමසූු විට පැමිණිල්ල මැතිවරණයට අදාළ වූවාක් ලෙස වර්ගීකරණය කර නොමැති හෙයින් කිසිදු තොරතුරක් ලබා දීමට නොහැකි බව දන්වන ලදි.

කළුතර මාර්තු 27 වැනි දින සවස එ.ජ.නි.ස අපේක්‍ෂක කුමාර වෙල්ගම (අංක 07) එ.ජ.නි.ස අපේක්‍ෂක විදුර වික්‍රමනායක (අංක 13 ) ගේ කාර්යාලයට ඇතුල් වී ආධාරකරුවකුට පහරදීමට උත්සාහ දරා ඇති බව මැ.ප්‍ර.නි.මට වාර්ත වී ඇත. අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ඉන්දිකා චන්ද්‍රතිලකාගෙන් මේ පිළිබඳ විමසුවිට මේ සම්බන්ධයෙන් හොරණ පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් වැඩිදුර විස්තර ඔවුන්ගෙන් ලබා ගන්නා ලෙසත් මැ.ප්‍ර.නි.මට පැවසීය.

මාර්තු 29 වන දින මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක හොරණ පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳ විමසූවිට තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව එහි ස්ථානාධිපති ගුණසේන ගීකියනගේ විසින් පවසා ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා ගෙන් විමසීිමට අවස්ථා ගණනාවක් උත්සාහ කළ ද ඔහුව සම්බන්ධ කර ගත නොහැකිවිය.

නිකවැරටිය එ.ජා.ප පක්‍ෂ කාර්යාලයට පහරදීම

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නැකවැරටියේ පැවති එ.ජ.නි.ස රැස්වීම අවසන් වී ආපසු එමින් සිටි එ.ජ.නි.ස අපේක්‍ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ( අංක 14) ගේ ආධාරකරුවන් පිරිසක් විසින් නිකවැරටියේ පිහිටි එ.ජා.ප පක්‍ෂ කාර්යාලයට පහරදී ඇති බව මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක වාර්තා කරන ලදි. පහරදීම හේතුවෙන් ගෘහ භාණ්ඩ සහ ප්‍රචාරක ද්‍රව්‍ය හානියට ලක් වී ඇත.

මේ සම්බන්දයෙන් එ.ජා.ප අපේක්‍ෂක සහ සංවිධායක හේරත් බංඩා තෙන්නකෝන් (අංක 13) ගෙන් මැ.ප්‍ර.නි.ම විමසූ විට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන් විසින් අදාළ පහරදීම සිදුකර ඇති බවත් රුපියල් 50,000/- 100,000/- අතර අලාභයක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත්, තම ආධාරකරුවන්ගෙන් දැනගත් බවත් ඔහු මැ.ප්‍ර.නි.මට ප්‍රකාශ කරන ලදි.

මැ.ප්‍ර.නි.ම මේ පිළිබඳව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් විමසන ලදි. එවැනි සිද්ධියක් පිළිබඳ තමා දැන ගත්තද තමාගේ ආධාරකරුවන් එවැන්නකට සම්බන්ධ නොමැති බව ඔවුහු මැ.ප්‍ර.නි.ම ට පැවසීය. එම දවසේම නාඳුනන කණ්ඩායමක් විසින් නිකවැරටියේ පිහිටි ඔහුගේ ප්‍රචාරක පුවරුවකටද හානිකර ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර නොමැති බව මැ.ප්‍ර.නි.මට වාර්තාවේ.

මඩකලපුවේදී ඉලංකෙයි තමිල් අරසුකච්චි අපේක්‍ෂකට තර්ජනය කිරීම

මඩකලපුව මමන්ග පිල්ලෙයාර් කෝවිල පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂ කාර්යාලයට ඊයේ සවස 5.30ට පමන නැගෙනහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් මෙහෙයවනු ලැදැයි චෝදනා කරනු ලබන දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදුන් බවට මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂකට මාර්තු 29 වන දින වාර්තා විය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි අපේක්‍ෂක යෝගේස්වරන් (අංක 07) ගෙන් මේ පිළිබඳව මැ.ප්‍ර.නි.ම විමසා සිටින ලදි. පහරදිමට දවස් තුනකට පෙර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් තමන්ට වාචිකව තර්ජනය කළ බවට ඔහු චෝදනාන්විතව ප්‍රකාශ කරන ලදි. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් තමන්ට දේශපාලනයේ නොයෙදෙන ලෙසත් එසේ කළහොත් මැතිවරණයෙන් පසු ඔහුව මරා දමන බවටත් තර්ජනය කළ බවට ඔහු ප්‍රකාශ කර සිටියි.

මැ.ප්‍ර.නි.ම දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ කණ්ඩායම් නායක සහ අපේක්‍ෂක ඒ.සෙල්වේන්ද්‍රන් (අංක01) ගෙන් මේ පිළිබඳව විමසු විට චෝදනාවන් දෙකම ඔහු විසින් දැඩිව ප්‍රතික්‍ෂේප කරන ලදි.

මැ.ප්‍ර.නි.ම නිරීක්‍ෂක මඩකලපු පොලිස් ස්ථානයට ගොස් මේ පිළිබඳව විමසීමේදි යෝගේස්වරන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් CIB 175/335 යටතේ පැමිණිල්ලක් කර ඇති බවද වැඩිදුර පරීක්‍ෂණ සිදුවෙමින් පවතින බවද දැන ගන්නට ලැබී ඇත.

සීඑම්ඊවී ය නිකත් කරන ලද එම මාධ්‍ය නිෙව්දනෙය් වැඩිදුරටත් මෙසෙ සදහන් ෙව්.

මාර්තු 28 වන දින වන විට මැ.ප්‍ර.නි.ම විසින් තහවුරු කරගත් මැතිවරණයට අදාළ සිද්ධි සංඛාව 254 කී. ඉන් 149 ක් බරපතල සිද්ධීන් වේ. ගිනි අවි භාවිතය සහ රාජ්‍ය දේපල අවභාවිතය පිළිවෙලින් 40 සහ 41 දක්වා ඉහළ ගොස් ඇත. පහරදීම් 51 ක්,රාජ්‍ය දේපල අවභාවිතයන් 41 ක්, තර්ජනය කර බියගැන්වීම් 41, දේපල හානි කිරීම් 9 ක්, ගිනි තැබීම්, තුවාල කිරීම්, සහ බරපතල තුවාල කිරීම් 7 බැගින් සහ සොරකම් කිරීම් දෙකක් බරපතල සිද්ධීන් 149 තුළ අන්තර්ගතවේ.

එ.ජ.නි.ස සහ එහි සාමාජික පක්ෂවලට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 181 ක් වන අතර ඉන් 53 ක් (29%) වාර්තා වී ඇත්තේ එම පක්‍ෂයේම සාමාජිකයන් ගෙනි. සිද්ධීන් 11 ක් එ.ජා.ප.ට විරුද්ධව වාර්තාව වී ඇත. සිද්ධීන් 50කදි චුදිතයින් හඳුනා ගෙන නැත. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයට විරුද්ධව පැමිණිලි 4 ක්ද, දෙමළ ජනතා සන්ධානයට විරුද්ධව පැමිණිලි 1 ක්ද, බදුල්ලෙන් තරඟ කරනු ලබන ස්වාධීන කන්ඩායමකට විරුද්ධව පැමිණිලි 1ක්ද මැ.ප්‍ර.නි.මට වාර්තා වී ඇත. තවද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක පැමිණිල්ලක් දෙමළ ජනතා විමුක්ති පක්ෂයට විරුද්ධව ලැබී ඇත.