…ඊයේ පෙරේදාත් එක අවමානයක් කළා, අපේ සියලුම කලාකරුවන්ට. රෙදි ගැලවෙන්න කියලා වෙන්න ඇති ඒ වේබ්සයිට් එකේ ලිව්වේ. මේ රට එක්තැන් කරන දෙමළ, සිංහල, මුස්ලිම් කියන මේ හැම ජනකොටසක්ම එක්තැන් කරන්න මහන්සි වෙච්ච කලාකරුවෝ අපි. මේ විදිහට මේ නන්නත්තාරවාදීන්ට අපහස කරන්න දෙන්න බෑ. මට රෝහණ වීරසිංහට කියන්න තියෙන්න‍ෙ, පුලුවන්නනම් ප්‍රේමසිරි කේමදාස කෙනෙක් වෙන්න. ඒ තමයි අපි වැඩකරපු මහා කලාකරුවා. මම ඔහුගේ නිර්මාණවලට අපහාස කරන්නේ නෑ. මගේ නිර්මාණ වලට අපහාස කළාට. එතුමායි, එතුමාගේ බේබිස්ලා තුන්දෙනයි කරපු මාධ්‍ය සාකච්ඡාව ගැන ලැජ්ජා වෙන්න කියලා මම රෝහණ වීරසිංහට කියනවා. රෝහණ වීරසිංහ වැරදි තැනකට අත තිබ්බේ. ඒ නිසා රෝහණ, ආදරණීය රෝහණ මිනිහෙක් වෙන්න. කලාකරුවෙක් බවට ඊළගට පත්වෙන්න….

යැයි ප්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ ය.

රෝහණ වීරසිංහ ඇතුලු කලාකරුවන් පිරිසක් විසින් ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල අතුලු කලාකරුවන් පිරිසකට එල්ල කරන ලද අසත්‍ය චෝදනා සහ මඩ ප්‍රහාරවලට එරෙහිව, මාධ්‍ය සාකච්ඡාවක් කැදවා කරුනු පැහැදිලි කරන ලද්දේ පසුගිය දෙසැම්බර් 23වන දා කෝට්ටේ පිහිටි සෝලියස් හෝටලයේ දීය. එහිදි ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකයන් දැක්වූ අදහස් ඇතුලත් මෙම හඩ පටය මෙසේ පළකරන්නේ කලාකරුවන් වෙනුවට අරලියගහ මන්දීරයේ එහෙයියන් වී සිටින ‘නලාකරුවන්‘ ගැන තවදුරටත් පාඨකයා දැනුවත් කිරීම පිණිසය.

සම්පූර්ණ හඩපටය