සිංහල, Democracy, Election, Governance, Human Security

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි. මෙ එහි දෙවන සංස්කරණය


‛මේක සිංහල රට, අපිට දෙමළ ඕන නෑ’.. වව්නියාවේ පැවති සංධාන රැළියේදී ආධාරකරුවෝ ජනපතිට බාධා කරමින් කෑ ගසයි…

පසුගිය 1වනදා වව්නියාවේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රචාරක රැළියට සහභාගී වූ ජනාධිපතිවරයා කළ කතාව පිළිබද අප විකල්ප වෙබ් අඩවිය ඇතුඑ වෙබ් අඩවි ගණනාවක් වාර්තා කලේය. මේ එහි දෙවන සංස්කරණය යි.

ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම පිළිබද විකල්ප වෙබ් අඩවියට වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය විය. වව්නියාවේ පැවති එම ජන රැළියේදී ජනාධිපතිවරයා තමන්ගේ කතාව සිංහලයෙන් ආරම්භ කර තිබේ. විනාඩි කිහිපයක් සිංහලයෙන් කතා කළ ජනාධිපතිවරයා දමිළ භාෂාවෙන් තමන්ගේ කතාව ආරම්භ කර ඇත.

සුඑ වේලාවක් යනවිට රැළියට පැමිණ සිටි හිටපු මන්ත්‍රිවරයෙක් වන මෙවර මැතිවරණයේ සංධාන අපේක්ෂකයෙක ප්‍රේමරත්න සුමතිපාල සහ සංධාන අපේක්ෂක උපුල් බාලසූරිය යන අයගේ ආධාරකරුවන් ජනාධිපතිවරයාගේ දෙමළ කතාවට බාධා වන අන්දමින් කෑ ගැසීමට පටන් ගෙන ඇත.

පුටු උඩ නැගත් එම ආධාරකරුවන් ‛මේක සිංහල රට, අපිට දෙමළ ඕන නෑ’ ආදී වශයෙන් කෑ ගසා ඇත. එවිට ජනාධිපතිවරයා ‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා දෙමළ භාෂාවත් අපේ භෂාවක්. පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව. අහගෙන ඉන්න බැරිනම් යන්න’ යැයි පවසා ඇති බවත් වව්නියාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුවත් දිගින් දිගටම කෑකෝ ගැසීම් සහ හූ තැබීම් සිදු වූ නිසා තත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා, ප්‍රේමරත්න සුමතිපාල මහතාට දන්වා ඇති අතර ඔහු විසින් එය පාලනය යම් පමණකට කළ බවත් වාර්තාවේ. කෙසේ නමුත් වව්නියාවේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ සංධාන අපේක්ෂකයන් වන ප්‍රේමරත්න සුමතිපාල සහ උපුල් බාලසූරිය අතර ඇතිවී තිබෙන මනාප පොරයත් ඔවුන් දෙදෙනා සහ දමිළ, මුස්ලිම් අපේකෂකයන් අතර ඇතිවී තිබෙන මනාප පොරයත් මේ සිද්ධයට යම් බලපෑමක් සිදු කළ බවත් ජනාධිපතිවරයාගේ ‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ…..’ යන ප්‍රකාශය ප්‍රදේශයේ විශේෂයෙන් දමිළ ජනයාගේ සිත් වේදනාවක් ඇති කිරිමට මේ වනවිට සමත් වී ඇතැයි පැවසේ.

සැලකිය යුතයි

අප 1වනදා පලකල වීඩිෙයා් පටයේ අවසාන වචනයට ඉදිරෙයන් ජනාධිපතිවරයා පවසා අැති වචන ටික නැති බව සැලකිය යුතය.