සිංහල, Democracy, Governance, Human Rights, Matale, Media

මාතලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නීතිවිරෝධි එස්එම්එස් ප්‍රචාරයක…

මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන අංක 5ට මනාප ලබා දෙන ලෙස ඉල්ලා එස්එම්එස් පණිවිඩ එවා ඇති බවට වාර්තාවේ.

එක් එස්එම්එස් පණිවිඩයක් දුරකථන අංක 0112513444 යෙන් ඊයේ(7) රාත්‍රී 11.42ට එවා ඇති අතර දුරකථන අංක 0727650753 න් අනෙක් එස්එම්එස් පණිවිඩය අද(9) උදෑසන 10.20ට එවා තිබිණි. එහි සඳහන් වන්නේ ‛‛ආයුබෝවන්, මම ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික් නායකයා. ඔබේ ඡන්දය බුලත් කොලේට අංක 5ට ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි’’ යනුවෙන් ය.

කෙසේ වෙතත් දුරකථන යොදාගෙන කරනු ලබන මෙවැනි එස්එම්එස් පණිවිඩ නීතිවිරෝධි ඡන්ද ප්‍රචාරනයන් සේම අනෙකෙකුගේ දුරකථන අංකයන් තමන්ගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කිරීම රටේ මිනිසුන්ගේ හිමිකම් තමන්ගේ බලය භාවිතා කරමින් සිදුකරනු ලබන අදේශපාලනික ක්‍රියාවන්ය.

මෙයට පූර්වාදර්ශය සපයනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදීය. මෙම එස්එම්එස් ප්‍රචාරණයන්, සදාචාර විරෝධී ලෙස දුරකථන සමාගම් භාවිතා කරමින් සිදුකලේ ය. පණිවිඩය ලබන්නාට පණිවිඩය පැමිණි මූලාශ්‍රය දැනගැනීමට ඇති සදාචාරමය අයිතිය තමන්ගේ බලය යොදාගෙන සිදුකළේ, කිසිදු දවසක මෙම එස්එම්එස් පණිවිඩයන් පැමිණි දුරකථන අංකයන් පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමටත් ඒ පිළිබදව විස්තරයන් ලබා ගැනීමටත් නොහැකිවන අයුරිනි.

මෙම මහමහැතිවරණයේදීද ජනක බණ්ඩාර තෙන්නකෝන් එවන ලද පණිවිඩය එවා ඇති ටෙලිකොම් සමාගමට අයත් දුරකථනයටත් එටිසෙලාට් දුරකථන අංකයටත් ඇමතීම් කිහිපයක් ගනු ලැබුවද ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.

මෙසේ වෙනත් අයෙකුගේ දුරකථන අංකයන් භාවිතා කරමින් නීතිවිරෝධි සහ සදාචාර විරෝධි ප්‍රචාරන ක්‍රියාවලියේ නිරතවන්නන් පාර්ලිමෙන්තුව නියෝජනය කිරීමෙන් ජනතාවට ලැබෙනුයේ පසුගිය දිනක නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා දැක්වූ අදහසක තිබූ පරිදි
’’යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන ලද ජාතික වැසිකිළිවළකි.’’ යන්න ය.