සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැතිවීමත් එම අවබෝධය සහ දැනුවත් කිරිම සිදුකිරිමට බලධාරීන් අපොහොසත් වීමත් නිසා මෙම තත්වය ඇති වු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහි ඇතැම් ඡන්ද දායකයන්ට ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් පවසා ඇත්තේ කිලිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට යන ලෙසත්, එසේ ගිය ඇතැම් අයට එහි සිටි නිළධාරීන් පවසා ඇත්තේ ව්විනියාවට යන ලෙසත් ය. මේ නිසා එහි බොහෝ ඡන්දදායකයන්ට තම ඡන්දය භාවිතා කිරීමට ඉඩ නොලැබිනි. මෙම ව්‍යාකූලත්වය නිසා අද(8) උදෑසන සිට මැනික්ෆාම් කඳවුරේ දිගු පොළිම් දක්නට ලැබුණු බවත් වාර්තා විය.

මෙම ව්‍යාකූල තත්වයන් සහ අනිකුත් තත්වයන් නිසා උතුරු ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 15%ත් 20% අතර බව දැනට ඡන්ද ප්‍රකාශ කිරීම් අවසන් මේ මොහොතේ දැනගන්නට ලැබී ඇත.

කෙසේ වෙතත් උතුරු හා නැගෙණහිර ජනතාවට යුද්ධමය තත්වයන් නොමැති අවධියක වුවත් ඔවුන්ගේ අයිතීන් භාවිතා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් පුඑල් කර දීමට බලධාරීන්ට නොහැකි වීම රටේ වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අර්බුධය තවත් තීව්‍ර වන්නට ඇති හැකියාව වර්ධනය වීමක් මිස අවම වීමක් පිළිබඳ සිතන්නටවත් නොහැකි තත්වයක් උදාවිය හැකිය.