සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

නාවලපිටිය අාසනයේ ඡන්දය ශුන්‍යයි…

නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ.

ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා විය. විශේෂයෙන් මහමැතිවරණයට අදාල පුර්ව මැතිවරණ සමයේදී ද සන්ධාන දේශපාලන බලවතෙකු මැදිහත් වී අනෙක් අපේක්ෂකයින්ගේ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරිමට ඉඩ නොදුන් බවත් වාර්තා විය.
ඡන්දය ප්‍රකාශය කෙරුනු ඊයේ දිනයේදී ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු කෙරුණු බව වාර්තා වූ අතර එය බොහෝ නීරික්ෂක සංවිධානත් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ඡන්ද පොළ නියෝජිතයන් පළවා හැරීම, ඡන්ද දායකයින්ට තර්ජනය කිරීම් වැනි දේ ප්‍රමුඛ විය.

මෙවැනි සිදුවීම් පිළිබදව නීරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයාඅවධානයට ලක් කිරීමෙන් පසු මෙම තීරණයට එළෙඹි බව වාර්තා විය.