සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ මංගල සැසියට..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද(22) හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගීවිමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද 98458ක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ජනවාරි 26 වනදා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සමඟ එම ජනාධිපතිවරණයට පොදු විපක්ෂයෙන් තරඟ කලේ ය. එහි දී මහින්ද රාජපක්ෂ 57.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට ජෙනරාල් ෆොන්සේකාට ලබා ගතහැකි වූයේ 40.15%ක ඡන්ද ප්‍රතිශතයකි.

එම මැතිවරණයෙන් දින කීපයකට පසු එනම්, 2010 පෙබරවාරි 08වනදා ආරක්ෂක අංශ විසින් ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා ලදි.