(ජනපති මාධ්‍ය අංශයට අභියෝගයක්!)

පසුගිය 07 වෙනි දා දහවල් වන විට වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසැරුවේය. එම වීඩියෝව ප්‍රසිද්ධ කර තිබූ ගූගල් සමාගමට අයත් යුටියුබ් වීඩියෝ චැනලයේ එම වීඩියෝවේ මාතෘකාව සදහන් වූයේ ‘Sri lankan President 2016 song – Maithripala Sirisena ලෙසය. එම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමග සමාජ මාධ්‍ය තුළ විශාල කථිකාවක් ඇති වූ අතර බහුතරයක් පිරිස් විසින් එම වීඩියෝවේ අන්තර්ගතය දැඩි විවේචනයකට ලක් කර තිබුණි.

කෙසේ නමුත් ඊට පැය කිහිපයකට පසු එම වීඩියෝව යූ ටියුබ් චැනලයෙන් ඉවත් කර ගෙන තිබෙන බව දර්ශණය විය.

වීඩියෝව යූටියුබ් චැනලයෙන් ඉවත් කර ගත්ත ද ඒ පිළිබඳව සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ සිතීම් රටාව පිළිබඳ විවිද පැතිමානයන්ගෙන් සමාජ මාධ්‍ය තුළ තිබුණු කතිකාව සම්පූර්ණයෙන් නතර නොවුනු බවක් පෙනෙන්නට තිබිණි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය

ඒ අතරතුර ඊයේ(11) ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ‘ජනාධිපතිතුමා ජනාධිපතිධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් කිසිදු නිල ගීතයක් නිකුත් කර නැති‘ බවයි.

CYa-9VBWMAEwv7M

වීඩියෝව පිළිබද පුවත්පත් වාර්තාවක්

නමුත් ඊයේ(11) ප්‍රකාශයට පත් වූ ඩේලිමිරර් පුවත් පත එම වීඩියෝව, එහි අන්තර්ගතය සහ එහි ක්‍රියාවලිය පිළිබද දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කලේය.
මේ එම පුවත් පත් වාර්තාවයි.

DM

එම වීඩියෝව සහ එම වීඩියෝවේ අන්තර්ගතය පිළිබද ව සමාජයෙන් එල්ල වුනු විවේචන පිළිබඳව එම වීඩියෝව නිශ්පාදනය කළා යැයි සිතිය හැකි සමාගමක් ද සිය පැහැදිලිකිරීමක් කරමින් එම වීඩියෝව ඔවුන්ගේ යූටියුබ් ගිණුමක ප්‍රසිද්ධ කර තිබුණි. ඔවුන් පවසා සිටිනේනේ මෙවැන්නක්,(එහි screenshot පහත දක්වා ඇත)

‘මෙම ගීතයෙ අර්තය බොහො දෙනා වැරදියට තෙරුම් අරන් ඇත..

මෙහි සරල තේරුම නම් අද අපෙ රට සියලු දෙනා බලාපොරොත්තු වන්නේ ඉතිහාසයෙ සදහන් වෙන අකාරයේ සව්භාගයක් කරා අපව ගෙනයන නායකයක් අපට අවශය බවයි. ඔබ අපේ පුලතිසි පුරවරෙයෙ උපන් කෙනක්, මිනිසුන්ගෙ හිතේ අප හැදූ ඒ විශ්වාසය නම්බුව රැකගන්න. ඔයාගෙ වටේ ඉන්න බොරුකරයන්ගෙන් ප්‍රවෙසම් වන්න, මේ රට නැවත ඉතිහසයේ වගේ දියුනු කරන්න. අද මිනිස්සුන්ට අවශය එකයි.දැන් හිටිය ඇති ඒක කරන්න පටන්ගන්න…

මෙහි කිසිම තැනක මයිත්‍රීපාල ජනපති තුමාව රජෙක් කර නැත.මෙම රූප රචනයට රජයෙන් හො රජයට අනුබද්ධ සියලුම ආයතනයකින්, කිසිම භාණ්ඩයක් හා සේවාවක් නොමිලේ ලබාගෙන නැත. රජයෙන් කිසිම අකාරයකින් මුදල් ලබාගෙන නැත (මේ පිලිබදව ඔබට සැකයක් පවතීනම් නීතිමය වශයෙන් අපව සම්බන්ධ කරගන්න )

මෙම ගීතය සම්බදයෙන් මෙතෙක් ඔබ දැරූ සියලු මතවලට අප ගරු කරන්නෙමු, මේ සියලු දෙවල් ඔබ අවබොද කරගත්තායැයි අපි සිතමු.‘‘

(වීඩියෝවේ අන්තර්ගතය පිළිබඳ ඉහත සිදුකර තිබෙන පැහැදිලි කිරීම සමඟ අප කිසිදු එකගතාවයක්, නැති අතර එම ප්‍රකාශය මෙහි ඇතුළත් කරුණු ලබන්නේ අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් විසින් සිදු කර ඇති ප්‍රකාශයට පිළිතුරක් සපයන නිසා වෙනි. එසේම මෙහි ඇති සිංහල අකුරු පිළිබඳ දෝෂවලට අප වග නොකියන අතර ඒ සම්බන්ධයෙන් එයට අදාල ස්ක්‍රින් ෂොට් ය බලන්න)

මෙන්න, ඊයේ(11) සවස එම වීඩියෝවට අදාල ඉහත ප්‍රකාශය සටහන්වන අයුරු ලබාගත් ස්ක්‍රින් ෂෝට් රෑප රාමුව,

VC 01

එයත් ඉවත් කර ඇත.

අදාල සමාගම ඉහත පැහැදිලි කිරීම කළද මේ වනවිට එම වීඩියෝවද ඔවුන් විසින් ඉවත් කර ගෙන ඇත.

Screen Shot (06.34AM/12-01-2106)
CV11


ජනාධිපතිතුමා දන්නේ නෑ – දිණමින

මේ අතර දිණමින වෙබ් අඩවිය එම ගීතය පිළිබද ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරමින් එම ප්‍රවෘත්තියේ සිරස්තලයට යොදන්නේ ‘ජනපති නොදන්න ජනපතිගේ සින්දුව : Video‘ ලෙසය.

ප්‍රශ්ණය සහ විහිලුව

දැන් දිනමිණ පවසන ආකාරයට මෙම වීඩියෝව නිශ්පාදනය කර තිබෙන්නේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ‘නැමැත්තෙකි‘. නමුත් විශේෂයෙන් දිනමිණ අරෝෂව හඳුන්වනු ලබන්නේ ‘නැමැත්තා‘ යනුවෙනි. නමුත් මේ නැමැත්තා, සිරිසේන ජනාධිපතිවරයා හොදින් දන්නා හඳුනන බවට ද ඡායාරෑප මගින් දිනමිණ විසින්ම පෙන්වා දෙමින් සිටියි.(එය විහිලුවක්ද ඛේදවාචකයක් ද) ඒත් සමඟම ආචාර්ය අරෝෂ නිශ්පාදනය කළා යැ යි කියන ගීතය ජනාධිපතිවරයා නොදන්නා බව ද දිනමිණ කියයි.

අනෙක නම්, එවන් කිසිදු නිළ ගීතයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අශය පවසයි. නමුත් අදාල සමාගමක් පවසන්නේ ‘මෙම රූප රචනයට රජයෙන් හො රජයට අනුබද්ධ සියලුම ආයතනයකින්, කිසිම භාණ්ඩයක් හා සේවාවක් නොමිලේ ලබාගෙන නැත.‘ මෙයින් හැගවෙන්නේ මුදල් හෝ වෙනත් වටිනාකමක් දී මේ ගීතය සඳහා අවශ්‍ය සේවා සහ සම්පත් ලබා ගෙන ඇති බව එම ප්‍රකාශයෙන් හැඟවෙයි.(නමුත් මෙයද ‘බබා‘ කතාවක් බව දන්නෝ දනිති)

නමුත් එසේ තිබිය දි ජානාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ‘එහෙම එකක් නැත‘ යනුවෙනි. කෙසේ නමුත් පුද්ගලයෙකුට හෝ කිසියම් සමාගමකට රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් කිසියම් හෝ ‘නිළ‘ ප්‍රකාශණයක් රාජ්‍ය නායකයා නොදැන කළ නොහැකි බව ඕනෑම ‘බබෙක්‘ දන්නේ ය. එසේ කිරීමට නූතන සමජයේ යම් පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් උත්සමා ගන්නේ නම් ඔවුන් පිළිබදව දෙවරක් සිතිය යුතුය.

අනෙක ආචාර්ය ආරෝෂ නම් පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ සමග පෙනී සිටින ඡායාරෑප ද දිනමිණ පුවත් පත විසින් ප්‍රසිද්ධ කර තිබේ. එසේම ඔහුගේ අනිකුත් තනතුරු ද එසේම ප්‍රකාශ කර තිබේ. නමුත් ඒවා වැදගත් වන්නේ දෙවනුවය.

දැන් පළමුව ජනාධිපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය අංශය/ජනාධිපති ලේකම් සිදු කළ යුත්තේ එවැනි වීඩියෝවක් නැති නම් එම විඩියෝව සිදු කල පුද්ගලයා සහ සමාගම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමය. ජනාධිපතිවරයා නොදැන, ඔහුගේ රුව භාවිතා කරමින්, ඒසේම එය රෑපවාහිනී නාලිකාවල ප්‍රසිද්ධ කිරීමටද, තවද දුරකථන සමාගම්වලට Ringtones සඳහා ඇතුලත් කිරිම ද ජනාධිපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය අංශය නොදැනුවත්ව කළ හැකිද? (දැන් වන විට ඒවාද ඉවත් කරගෙන ඇත) එබැවින් ජනාධිපති මාධ්‍ය අංශය කළ යුත්තේ නිවේදනයකට එහා යමින් ඒ පිළිබඳව සොයා බලා එහි සත්‍ය මහජනතාවට හෙළි කිරීමය. එසේ නැතිව ‘බබා‘ කතා කීමෙන් ඵලක් වන්නේ නැත.

අනෙක, එම වීඩියෝව රෑපවාහිනී ආයතනවලට දීමටත්, එහි හඬ/ගීතය දුරකතන වලට ඩවුන්ලෝඩ් කිරිම සදහා දුරකතන සමාගම්වලට ලබා දීමටත් සාමාන්‍ය කෙනෙකුට එතරම් පහසු නැත. එය සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් මෙහිදී එය ඉතා පහසුවෙන් සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එැබැවින් තවදුරටත් ජනවාරි 8වනදා වෙනස ‘ජෝක්‘ නොකර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි දරව් කිරීම ජනාධිපති මාධ්‍ය අංශයේ වගකීමකි. එසේ නොමැතිව එම වන්දිබට්ට වීඩියෝව සම්බන්ධයෙන් විනිවිද පෙනෙන නිළ පැහැදිලි කිරීමක් සිදු නොකර පුරවැසියා ‘ගොනාට ඇන්දවීමට‘ ජනාධිපති මාධ්‍ය අංශය හෝ කවුරුන් හෝ උත්සහා ගන්නේ නම් අප විසින් ඉහතින් පළ කර ඇති රෑපරාමු සහ පහතින් පළ කර ඇති ට්වීට් නැවත නැවතත් කියවන මෙන් මතක් කර සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශයේ එම නිවේදනය පළ වීමත් සමග ට්විටර් සමාජ ජාලයේ ඒ පිළිබද පළවු ට්වීට් කිහිපයක් පහත පළකරමු.

දිණමිණ නොදන්නවා යැයි හගවන, එහෙත් ඒ දිණමිනම ජනාධිපතිවරයා දන්නා බව පෙන්වන: අරෝෂ ප්‍රනාන්දු සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිටින ඡායාරෑල(දිණමින පුවත්පතින්)
arosha

he

සැළකිය යුතුයි.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟත් අරෝෂ ප්‍රනාන්දු සිටින ඡායාරෑප ගොන්නක්ම දමා අවසානයේ අරෝෂ ප්‍රනාන්දු නම් එම වීඩියෝවේ නිශ්පාදකයාට ඒ පිළිබඳ වන සියලු විවේචන සහ වරද පටවා අත පිහිදා ගැනීමේ උත්සහයක් දිණමින පුවතින් මතු කිරීමට උත්සහ ගෙන ඇත.(අරෝෂ ප්‍රනාන්දු ගේ භාවිතාව ගැන සාකච්ඡා කිරීම වෙනම සිදුකල යුත්තකි) නමුත් අප කියා සිටින්නේ ‘තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි‘ බවයි. එබැවින් අදාල සිදුවීම පිළිබද සත්‍ය හෙළිදරව් කිරීම නොකර දිනමිණ වැනි පුවත්පතක් පුරා ඡායාරෑප දමා ගැටලුව වෙනත් අතට යොමු කිරිම දැන් කළ නොහැකි බවත් තවදුරටත් මතක් කර සිටිමු.

Sampath-TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon