සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Media

ආණ්ඩුව යුධ ජයග්‍රහනය සමරණ විට, යුද්ධයෙදී මිය ගිය තම සමීපතමයන් සමරණ යාපනේ උත්සව තහණම්…

එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය.

එයට සමගාමිව යුද්ධයේදී මියගිය තම දරුවන්, සැමියන්, ඥාතීන් සිහිකර යාපනයේ දේවස්ථානයක 18වනදා සැමරුම් උත්සවයක් පවත්වන්නට ගිය අතර එම උත්සවයට ආරක්ෂක හමුදාවන් බාධා එල්ලකර බව වාර්තාවේ.

එසේම යාපනයේ ටීඑන්ඒ කාර්යාලයේදී ද එවැනි සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එයට ද ආරක්ෂක අංශ බාධා එල්ලකළ බව යාපනයේ ටීන්ඒ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම උත්සව ආවරණ කිරිමට ගිය යාපනයේ මාධ්‍යවේදීන්ටද ආරක්ෂක අංශ බාධා කළ බවත්, ‛‛උඹට අම්මා, තාත්තා, ඉන්නව ද…? ජීවත් වෙන්න ඕන ද…? යැයි ඇතැම් මාධ්‍යවේදින්ට හමුදාව තර්ජනය කර ඇති බවත් වාර්තා වේ.